Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය ජූනි 15, 16 හා 17 යන දිනවල දී බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක විහාරය යාබද මාදු නදී ‘ස්වේජින්’ සීමාමාලකයේ දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු සංඝයා වෙත දැනුම් දී ඇත.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව සීමාමාලක විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගෙන, නිසිපරිදි සම්පූර්ණ කොට සිය ආචාර්යයන් වහන්සේ මඟින් 2018 මැයි 15 දිනට පෙර එම ලිපිනයටම ලැබෙන්නට සැළැස්විය යුතු ය. අයදුම් පත් ප්‍රාදේශීය සංඝ සභා ලේඛකාධිකාරීන් වහන්සේලා වෙතින් ද ලබා ගත හැකි බව මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී හිමියෝ දන්වා සිටිති.