Print this Article


සදහම් දැනුම

 

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.

පිළිතුර :– බුදුරජාණන් වහන්සේගේ පා සටහනෙහි මංගල ලක්ෂණ දුටු ‘ද්‍රෝණ’ නම් වූ එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.

ඔබ දෙවි කෙනෙක් ද?

නැත බ්‍රාහ්මණය! මම දෙවි කෙනෙකුත් නොවෙමි.

එසේ නම් ඔබ ගාන්ධර්වයෙක් ද?

නැත බ්‍රාහ්මණය, මම ගාන්ධාර්වයෙක් ද නොවෙමි.

එසේ නම් ඔබ යක්ෂයෙක් ද?

මම යක්ෂයෙක් ද නොවෙමි.

එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද?

නැත බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි

දෙවියකු ද – ගාන්ධර්වයකු – යක්ෂයකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා සිද දැමු බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ

නෙත් අදන මනහර - පියුමක් දියෙහි පිපුණත්

නොගැටී දියෙහි දිය මත - පියකරුව බබළන මෙන්,

දිනු මුත් ලෝ තුළ - වෙසෙනමි ඉන්නොකෙලෙසී

බුදු කෙනෙකි එහෙයින් - බමුණ මා මේ මනුලොව

යනුවෙන් වදාළහ

ප්‍රශ්නය :– ත්‍රිපිටකයෙහි ඇතුළත් බෙහෙත් වර්ග කිහිපයක් නම් කරන්න

පිළිතුරු :– බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පැරැණි දඹදිව පැවැති ජනහිතකාමී, නිරෝගී සුවය සඳහා වු විවිධ බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයෙහි ඇතුළත්ව ඇත. මේ එබඳු අවස්ථා කිහිපයකි. මෙම තොරතුරු දැනුවත්ව ජීවිතය පවත්වා ගෙන යාම ආරෝග්‍යය සඳහා බෙහෙවින්ම හේතුවනු ඇත.මෙබඳු බෙහෙත්, අත්බෙහෙත් වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ දෛනික පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇත.

‘යාගු” කැඳ බීමෙහි ආනිසංස දසයෙකි.

1.දීර්ඝායුෂ ඇතිවේ. 2.ශරීරය පැහැපත් වර්ණවත් වේ. 3.සුවය ලැබේ. 4.ශක්තිය (බල) ලැබේ 5.පටිභාන හෙවත් ධාරණ ශක්තිය ලැබේ. 6.සාගින්න (කුසගින්න) නිවේ. 7.පිපාසාව (තිබහව) නැතිවේ 8.වාතය –අනුලෝම වේ. 9.වස්ති ශෝධනය (මළපහ කිරීම) වෙයි. 10. ආහාර ජීර්ණය පහසු කරයි. (මහා භෙසජ්ජක්ඛන්ධක) පස් ගෝ රස කිරි, දීකිරි, තක්ක( මෝරු) නවතින (වෙඬරු, සප්පි (ගිතෙල්) අෂ්ට පාන

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි වුව ද, පානයක් ලෙස ගැනීම වරදක් නොවන බව සඳහන් කොට ඇත.

1.අඹ පැන් 2.දඹ පැන් (ජම්බු) 3.ඇටි කෙසෙල් පැන් 4.කෙසෙල් පැන් 5.මී පැනි (මධු පානය) 6.මිදි පැන් (මුද්දික පානය) 7.ඕලු පැන් (සාලුක පානය) 8.ඵාරුසක පානය

ප්‍රශ්නය – සක්මනෙහි අනුසස් දක්වන්න

පිළිතුරු – (අං.නි.පද්මක නිපාත 364)

1.ගමනෙහි පහසු වෙයි. (අද්ධානක්ඛම) 2.වීර්ය (ශක්තිය) ජනනය කරයි 3. අල්පාබාධ (නිරෝගී බව) ඇති වෙයි 4.ආහාර දිරවීම ඇති කරයි. 5.මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.

අඩු ආයුෂ වැළඳීම හෙවත් දීර්ඝායුෂ ඇතිනොවීමට හේතුවන කරුණු පහක් අ:නි:පංචක විපා: ගිලානවග්ගයෙහි දී සඳහන් ව ඇත.

1.අසත්ප්‍රාය භෝජනය (අපථ්‍ය ආහාර) ගැනීම 2.සතපාය භෝජන (පත්‍ය ආහාර ) හඳුනා නො ගැනීම 3.අනුභව කළ ආහාර දිරවීමට කලින්ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම 4.විහරණය ( නිදි මැරීම) ආදි අවස්ථා නොසලකා හැරීම 5.බ්‍රහ්මචාරි නොවීම ( කාමාශක්ත)අයකුවීම

ප්‍රශ්නය :– ඉපැරැණි ශ්‍රී ලංකාවේ මුල්වරට දළදා පෙරහරක් පැවැත්වූ බවට වංශ කථාවල දක්නට ලැබෙයි. මේ දළදා පෙරහරට මූලිකව කටයුතු කළ රජතුමා කවු ද? පෙරහර පවත්වන ලද ඓතිහාසික ස්ථානය කුමක් ද?

පිළිතුර – කිත්සිරිමෙවන් රජු දවස අනුරාධපුර (අභියුක්ත විහාර) අභයගිරි විහාරය, මහා විහාරය පිහිටුවා අවුරුදු 217 මාස 10 හා දින 10 ක් ගිය තැන අභහයගිරි විහාරය (අභියුත්තර) විහාර පිහිටුවන ලදී.

වට්ටගාමිණී රජු විසින් කරවන ලද මෙය පිරිවෙන් හෙවත් කුටි 12 ක් පරිමිත ය.

ප්‍රශ්නය – කලාත්මක අතින් වැදගත්ම සඳකඩ පහණ දෙක පිහිටා ඇති ස්ථානය කොතැන්හි ද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුරු – ශ්‍රී ලාංකික විශිෂ්ටතම කලා කෘතියක් වන සඳකඩපහණෙහි මූලික අවස්ථා දෙකම අභයගිරි පෙදෙසේ පිහිටා ඇත. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩි පෙළ අග වෙයි.

දෙවැන්න බිසෝමාලිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි දොරටුවෙහි පඩිපෙළ අග වෙයි.

ඉහත සඳහන් සඳකඩ පහනවල ගිනිදැල්, සිව්පා පන්තිය,ලොකු ලියවැල, හංස පන්තිය කුඩා ලියවැල, හා මැද පද්මය වෙයි.

රූකම්වල නිමාව දෙකේම එක සමාන ය. සමහර විට ඒ සඳකඩ පහණ දෙකම එකම ශිල්පියකු අතින් නිම වූවා විය හැකි ය.