Print this Article


බුදු සිරිතයි අමාවතුරයි

බුදු සිරිතයි අමාවතුරයි

අමාවතුර පරිච්ඡේද 18කින් සමන්විත වේ. දුර්දාන්ත දමනය නම්, පරිච්ඡේදයේ සිට බ්‍රහ්ම දමනය නම්, පරිච්ජේදය දක්වා පරිච්ජේද 18 ක් මෙහි ඇතුළත් වේ.

දුර්දාන්ත ස්වතන්තාන,පරහන්තාන, ගහපති ,රාජ, අගුල්මල්, පරිබ්‍රාජක, මානවක, දිගම්බර, ජටිල, තාපස, භික්ෂු, නාග, නන්දෝපනන්ද, යක්ෂ, අසුර, බ්‍රහ්ම යන නමින් මෙම දමන සඳහන් වේ.

පළමු පරිච්ජේදය වෙන්වන්නේ බෝසතාණන් වහන්සේගේ අතීත භවයන් කියවෙන බෝසත් චරිත ලක්ෂණ මතුවෙන ජාතක කතා රාශියක මාතෘකා පාඨ ගෙන හැර දැක්වීම සඳහා යි දෙවන පරිච්ජේදයෙන් සිද්ධාර්ථ කුමාර චරිතය විස්තර කෙරේ . තුන්වන පරිච්ජේදයෙන් බුදුබව ලැබිමේ සිට බුද්ධ චරිතය රමණීය ආකාරයට වර්ණනා කර තිබේ. හතර වන පරිච්ජේදයේ සිට අවසාන පරිච්ජේදය දක්වා එනම්, 18 වන පරිච්ජේදය දක්වා බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණ, බුද්ධිය, කරුණාව, මෛත්‍රිය, නිර්භය බව,වාදයෙහි හුරුබව යනා දී චරිතාංගයන් හෙළිකරන පුරුෂයන් දමනය කරන කතා වෘතාන්ත රාශියක් ගෙනහැර දක්වා තිබේ.

අනන්ත වු ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි නව ගුණ අතරින් පුරිසධම්ම සාරතී ගුණය අතරින් කරුණු රාශියක් එකතු කර ඇති කෘතියක් ලෙස අමාවතුර හදාරන්නන්ට වැදගත්කමක් උසුලයි. එයින් භාග්‍යවතුන් වහන්සේ වරින් වර දුර්දාන්ත වූ සුවිශේෂී වූ පුද්ලයන් රාශියක් සුවපත් කළ අකාරය විස්තරාත්මක ලෙසින් හැදෑරීමට සැලැස්වීම ගුරුළුගෝමීන් අතින් සිදු වූ වැදගත් කාර්යයක් ලෙස සැලකිය ැහැකියි.

සාමාන්‍ය පාඨකයාට වුව ද, සිත්පිත් නැති දාමරික අංඟුලිමාල, ආලවක වැනි පුද්ගලයන් ද, ජටිල ගහපති වැනි මිථ්‍යා දෘෂ්්ටික පුද්ගලයන්ද, මිනිස් ගුණ නොදත් නන්දෝපනන්ද නාලාගිරි වැනි සතුන්ද දමනය කළ බුදුපියාණන් වහන්සේගේ මෙත්තා, කරුණා වැනි ගුණයන් ද අපරිමිත බුද්ධඤාාණය ද මදක් හෝ දැනගෙන බුද්ධාලම්බන ප්‍රීතියක් ලබාගැනීමට හැකි වේ. ඒ හැරුණ කොට බුද්ධ චරිතය පිළිබඳව ලියවී ඇති කෘති පිළිබඳව පර්යේෂණ පවත්වන්නන්ට ද මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් වේ. සිංහලයේ මුල් යුගවල භාෂාව යොදාගෙන ඇති ආකාරය පිළිබඳවද, උසස් අධ්‍යාපනය හදාරන්නට දැනගැනීමට හැකි වෙයි. විශේෂයෙන් පොළොන්නරු යුගයේ පැවැති භාෂාව ගුරුළුගෝ්මීන් විසින් භාෂාව හසුරුවා ඇති ආකාරය වැදගත් වේ. තවද බුදුසිරිත එකල සිංහල සාහිත්‍ය යොදාගෙන ඇති ආකාරයද හැදෑරිය හැකි අතර ධර්මය ද, මිශ්‍රිත සාහිත්‍ය රසය විඳගැනීමට අවස්ථාව උදාකරගැනීමට ද, අමාවතුර නම්, කෘතිය සමත් වේ. පොදුවේ සලකන විට නොවියත් හුදී ජනන් සඳහා සහ සියබසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ යන කතුවරායාගේ ප්‍රකාශය පිළිබඳව ද මෙහිදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.