Print this Article


වෙසක් උළෙල චිත්‍ර තරගයේ මුල් වටයට කාණ්ඩ තුනකින් 25 දෙනා බැගින් තෝරා ගැනේ

වෙසක් උළෙල චිත්‍ර තරගයේ මුල් වටයට කාණ්ඩ තුනකින් 25 දෙනා බැගින් තෝරා ගැනේ

අවසන් තරගය 7 වැනිදා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී

අසිරිමත් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය හා කොළඹ තරුණ බෞද්ධ සංගමය ඒකාබද්ධව පවත්වන දීපව්‍යාප්ත චිත්‍ර තරගය වෙනුවෙන් එවු නිර්මාණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බී.සරත් ගුණසිරි පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ඉකුත් දා (02) ලේක්හවුස් ආයතනයේ දී තෝරා ගන්නා ලදී. පළමු කාණ්ඩය සඳහා 1 – 5 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන් ද දෙවන කාණ්ඩය සඳහා 6 – 9 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන් ද තුන්වන කාණ්ඩය සඳහා 10 – 13 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන්ද වශයෙන් එක් කාණ්ඩයකින් 25 බැගින් වයස් කාණ්ඩ තුනකින් මූලික වටයේදී 75 දෙනෙකු තෝරා ගැනිණි. එම තේරී පත්වූ 75 දෙනා අවසාන චිත්‍ර තරගය සඳහා අප්‍රේල් 07 සෙනසුරාදා පෙරවරු 10 සිට සවස 3 දක්වා කොළඹ 08, බොරැල්ල, තරුණ බෞද්ධ සංගමයේ, තෙවන මහලේ පැවැත්වෙන අවසන් චිත්‍ර ඇඳීමේ තරගය සඳහා ඉදිරිපත් වීමට පැමිණෙන ලෙස ලේක්හවුස් ආයතනය දන්වා සිටී. එසේම තේරීපත්වූ අයට තැපැල් මගින් ඒ බව දැන්වීම් කරන බව කියන එම ආයතනය යථා කාලයේ අදාළ නම් ලැයිස්තුව දිනමිණ පත්‍රයේ පළ කරන බව ද කියයි.

එම අවස්ථාවට එක්ව සිටි ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න මහතාද එහිදී අදහස් දැක්වූහ. ලේක්හවුස් ආයතනයේ ලේකම් කුමුදු ගුණවර්ධන, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල්, බුදුසරණ පුවත්පතේ උපදේශක සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ ඇතුළු පුවත්පත් කතුවරු කිහිප දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.