Print this Article


පහන් සිතක කවි

යතිවරයාණෙනි!

මැළවුණා බුදු සසුන බැබලු අපේ යතිවර පියාණන්
සිහිවුණා බුදු දහමේ අනියත බවක් මේ බව ඇසීමෙන්
වැළපුණා මුළු ලොවම ඔබෙ ගුණ සිහිවෙලා බෝ දුක් සොවින්
පරවුණා පින් සුවඳ විහිදූ ගිරාඹේ දම් රජාණන්


දරණාගම කුසලධම්ම හිමි

බොදු නාලිකාවෙන් සදහම් අමත පද
බෙදමින් අමිල සේවාවක් කරන ලද
දරණාගම කුසල දම් හිමියනට අද
පතනෙමු නිවන් සුව හද සෝ කඳුළු මැද


යථාව

විදුනැණ වැඩිවෙයි
ගුණ නැණ අඩුවෙයි
මෙලොවට ජයවෙයි
එලොවදි පැරදෙයි

යථාව දැනගෙන
නිවැරැදි මගයමු
සදා සැනසුමට
පිළිවෙත් සපුරමු


මව් සෙනෙහස

සෙනෙහස පුදා අප සැමටම එක විලස
මහමෙර තරම් දුක් ඉවසා එක විලස
අප එක් වුණා පෙර භවයේ පැතු විලස
ඔබෙ ගුණ කියමි මා හට ඇති හැකි විලස

පුංචිම පුංචි කාලෙදි සෙල්ලම් වයසේ
දඟ වැඩ කළා මතකයි මට ඒ දවසේ
උතුම් පැවිදි දිවියට වී මා මෙ ලෙසේ
පතනෙමි මතු බවෙත් මව වේවා! මෙලෙසේ


සූරියගොඩ සිරිදම් නා හිමිට ආසිරි

ගැමි බොදු සුවඳ හැමූ සූරියගොඩ ඉපැදී
දිවි මඟ පහන් කළ සිරිදම් හිමි පැහැදී
බැමි බිඳ සසර රැඳි සැනසුම් සිත පිබිදී
හිමි හා පදවි දිලි සිරිලක මල් පුබුදී

සසුනේ පනස් වසරක් නා හිමි දිලුනේ
ගමනේ විඩාබර හැර පින්පෙත් වැඩුණේ
අරණේ සිසිල ලැබ යහගුණ නිති රුඳුනේ


හොඳ දරුවෝ වෙමු!

උදයෙම නැගිට මුව කට සෝදා ගනිමු
මිදුලේ මල් ගසින් මල් ටික නෙළා ගමු
මව්පිය දෙපා වැඳ පොත් ටික අර ගනිමු
සන්සුන් ලෙසින් අපි වෙහෙරට පිය නගමු


මරණය

සිව් මහ ධාතුවෙන් සැකසුණු මිනිස් කය
මව් කුසයෙන් බිහිවුණේ කිසිවක් නොමැතිවය
කවදා කොහොම කොතනදිවේදැයි ඈවර ය
මරණය ඔබයි අප ගෙන ආ එකම දෙ ය