Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන වන්දනාකරුවන්ට නොමිලයේ මල් බෙදාදීමේ පින්කම මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය මඟින් සෑම පුර පසළොස්වක පෝය දිනක ම සිදු කෙරේ. තව ද මෙම සමිතිය මඟින් ශ්‍රී දළදා මාළිගාවට සංස්කෘතික කණ්ඩායම් සහ අලි ඇතුන් ලබා දීමෙන් සිදු කරන අනුග්‍රහය ඉතා වැදගත් ය. මෙවැනි ශාසනික හා ආගමික සේවාවන් පසුගිය දශක තුන ඇතුළත දී සිදු කළ එහි භාණ්ඩාගාරික ගාමිණී සිල්වා මහතාට පුෂ්පදාන සමිතියෙන් උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි. එහි දී පුෂ්පදාන සමිතියේ ප්‍රධාන සභාපති වොල්ටර් රණසිංහ මහතා (වමේ) ගාමිණී සිල්වා මහතාට උපහාර තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව. කේ. බණ්ඩාරනායක