Print this Article


විජය 132 වන ජන්ම සමරුවට පින්කම්

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුවට පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ දී මෙම 22 සහ 23 වනදා පින්කම් මාලාවක් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය සහ ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) ප්‍රධානත්වයෙන් මෙම 22 වනදා ලේක්හවුස් ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කෙරේ. 23 වනදා ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

ලේක්හවුස් ආයතනයේ සියලු සේවක මහත්ම මහත්මීන්ගේ ද දායකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද සංවිධායකත්වයෙන් එම පින්කම් මාලාව සිදු කෙරේ.