Print this Article


බුදුපුත් කැපකරු දායක ක්‍රමය

බුදුපුත් කැපකරු දායක ක්‍රමය

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වන උතුම් සම්බුදු තෙමඟුල අරභයා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන්නට යෙදුණු දහසක් කුලදරුවන් සසුන්ගත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා කැපකරු දායක ක්‍රමය ආරම්භ කර ඇත. ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට කැමති දායකයින් වෙත මෙත් සිතින් ඇරයුම් කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා කියයි.

විමසීම්. 0112337341 සහ 0714810520