Print this Article


ධර්ම දානයට බුදුසරණ බෙදාදීමක්

ධර්ම දානයට බුදුසරණ බෙදාදීමක්

පානදුර - පියල් පුෂ්ප කුමාරද සිල්වා

පානදුර දිබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 පදිංචිව සිටි යද්දෙහි පියල් පුෂ්ප කුමාරද සිල්වා උප පොලිස් පරීක්ෂක මහතා 1996.02.14 වන දින පුල්ලුමලේ දී කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේ ය.

එම රණවිරුවාට පින් පැමිණවීම පිණිස මේ මස පුරපසළොස්වක පෝය දින දිබ්බැද්ද අමරමුණි විහාරයේ දී උදේ අටවිසි කිරිපිඬු බුද්ධ පූජාවක්, උපාසක, උපාසිකාවන්ට හීල්දානය පිරිනැමීමත්, ධර්ම දේශනාවක් පැවැත්වීමත්, ධර්මදානය පතා බුදුසරණ පත්‍රය බෙදාදීමත් සිදු කරනු ලැබේ.

මහනුවර ටෛමිස් ඔප් සිලෝන් ශාඛා කාර්යාලයේ (ලංකාදීප) හැට සහ හැත්තෑව දශකවල සහකාර කළමනාකරු ලෙස සේවයකළ නුගවෙල පී.එච්.ඩී.සිල්වා මහතා පරලොවසැපත් වී වසර දහයක් පිරීම නිමිත්තෙන් ඒ මහතාට පින් පිණිස ධර්මදානයක් ලෙස ‘බුදුසරණ’ පත්‍ර නවම් පුර පසළොස්වක (ජනවාරි 31 ) පෝය දින සිට කටුගස්තොට දඩහෝගම වනහාගල පුරාණ විහාරාධිපති කොටගම රතනතිස්ස නාහිමියන් වෙත පිරිනැමීමට සිල්වා මහතාගේ බිරිඳ මහනුවර, විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි දයා සිල්වා මහත්මිය කටයුතු යොදා ඇත.