Print this Article


‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය දොරට වඩී

‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය දොරට වඩී

බුදුසරණ හිටපු නියෝජ්‍ය කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ජනක වෙත්තසිංහ මහතා විසින් ලියන ලද ‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය පසුගියදා (25) කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී දොරට වැඩිණි.

එහි දී කෘතියේ මංගල පිටපත කතුවරයා විසින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් වෙත පිළිගන්වන ලද අවස්ථාව.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක වහුමුවේ විජයවංශ නා හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති නා හිමි, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි, කළුබෝවිල සමාධි විවේකාශ්‍රාමාධිපති මහරගම පදුම හිමි, කරන්දෙණියේ සමාධි විවේක සේනාසනාධිපති ගල්තුඩුවේ සුගුණ හිමි සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ඇතුළු විද්වත්හු රැසක් සහභාගි වූහ.