තල්පිටියේ චන්දරතන නා හිමි
ජන්ම සැමරුමට පින්කම්
වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පානදුර තොටමුණ බද
රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ
චන්දරතන නා හිමියන්ගේ 58 වන ජන්ම දිනය පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇත.
ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ සමිති සමාගම් සහ ප්‍රදේශයේ දායක දායිකාවන් විසින් එදින
දවස පුරා පින්කම් රැසක් සිදුකිරීමට නියමිත අතර පස්වරු 7 ට විශේෂ ධර්ම දේශනාවක්,
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරි සුමන
හිමියන් විසින් පවත්වනු ලබයි.
තල්පිටියේ ඩබ්.එම්.එන්.වී විජේනායක
වාද්දුව සංචාරක |