Print this Article


පොත්පත් විත්ති

පොත්පත් විත්ති

‘කර්මය සහ ධර්මය’

(කාලීන බෞද්ධ විමර්ශන ග්‍රන්ථය)

කර්තෘ - මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
මුද්‍රණය – සාහිත පොත් පියස

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ලියන “කර්මය පලදෙන හැටි” පොත් පෙළෙහි සිව්වැන්න “කර්මය හා ධර්මය” ග්‍රන්ථය මේ මස 27 වන සෙනසුරාදා උදේ 10.00 ට කොළඹ 10, “සාහිත පොත් පියස” හි දී උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වේ.

මෙම ග්‍රන්ථයෙන් ‘සිදුහත් බෝසතාණන් වහන්සේ මාරයා පරදවා බුදු බව ලැබූ මොහොත, පා සේදූ පැන් ඉස අමනුස්සාවේෂය දුරු කළ පබ්බාරතිස්ස තෙරණුවෝ , වරදට අසුකර නිවැරදි උතුමන්ට දඬුවම් දීමෙන් ලැබෙන කර්ම විපාක, දැන දැන වැරැදි කළොත් විපාක අනිවාර්යයි, අනුහස් ලබන සාංඝික දානයක් පූජා කරන්නේ කොහොම ද? පින් අනුමෝදන් කරන්නේ කෙසේ ද? සිතට නරක සිතිවිලිම නැගෙන්නේ ඇයි? සහ මරණින් පසු සුගතිගාමී ආත්ම ලබන කාන්තාවෝ ආදි මාතෘකා රැසක් පරිච්ඡේද 18 ක් ඔස්සේ විස්තර කර ඇත.

 

 

 

 

 

 


“පියෙක් පුදන සියක් ගීත”

(පිය ගුණ ගී සියය)

සම්පාදනය - ලලිත් පි‍්‍රයංකර
මුද්‍රණය – සාහිත පොත් පියස

ලලිත් පි‍්‍රයංකර විසින් සම්පාදනය කර ඇති “පියෙක් පුදන සියක් ගීත” ග්‍රන්ථය මේ මස 27 වැනිදා උදේ 10.00 ට කොළඹ 10, “සාහිත පොත් පියස” හි දී එළිදැක්වේ. පිය – පුතු සම්බන්ධය ලෝකයේ ආරම්භයේ සිට ම ගොඩ නැගුණකි. පිය ගුණ ගී සියයක් එකවර නිර්මාණය වීම අගය කළ යුතුවෙයි. කතුවරයා මෙම කෘතිය නවමු කතිකාවතක් ඇති කරවීමට අවැසි මංපෙත් විවර කර ඇත. ක්‍රමිකව විධිමත්ව සහ ශාස්ත්‍රීය රටාවකට ගීත පෙළගස්වා ඇත.

 

 

 

 

 

 

 

 


විශ්ව සත්‍යය හා මිනිස් සිතේ අසිරිය

කර්තෘ - එන්. අඹේපිටිය
මුද්‍රණය – බ්ලුම්ස් එන්ටර්ප්‍රයිසස් - නුගේගොඩ

ඉතාමත් සරල මාතෘකා ඔස්සේ කතුවරයා මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. විශ්ව ගම්මානයක ගෝලීයකරණයට හසු වී දිවි ගෙවන මනුෂ්‍යයෝ තමන් ආ මඟ සහ යන මඟ නො දැන මංමුලාව දිවි ගෙවති. මියගිය අතීතයත්, නූපන් අනාගතයත් ගැන සිතමින් කල් ගෙවන්නෝ දුකට පත්වෙති. ඒ සියල්ල ජය ගැනීමට විශ්ව ශක්තිය මහා බලවතෙකි. එම ශක්තිය පුබුදුවාගෙන නැගී සිටීමට හැම දෙනාටම හැකි බව ඔහු කියයි.

මිනිස් සිතේ අසිරිය, උඩුගංබලා පිහිනා යන මිනිස් සිත, සිතක් පවිත්‍ර කර ගන්නේ කෙසේද? ආදී මාර්තෘකා 17 ඔස්සේ මෙම ග්‍රන්ථය පෙළ ගස්වා ඇත.