Print this Article


ධර්මදානයට බුදුසරණ බෙදා දෙයි

ධර්මදානයට බුදුසරණ බෙදා දෙයි

මහනුවර මහ තැපැල් අධිකාරි කාර්යාලයේ සේවයෙහි නිරතව සිට තෙමසකට පෙර පරලොව සැපත් ගල්මඩුව රජමහා විහාර කාර්ය සාධක සමිතිය, කුණ්ඩසාලේ නත්තරන්පොත බමුණන්පොල සණස, පඩිවත්ත ශුභසාධක නන්තරන්පොත ශුභ සාධක සහ කුණ්ඩසාලේ රාජ්‍ය විශ්‍රාමික යන සමිතිවල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ආර්.ඩී. අත්තනායක මහතාට පින් පිණිස ධර්මදානයක් ලෙස බුදුසරණ පත්‍ර දුරුතු පුර පසළොස්වක පෝයදින ගල්මඩුව රජ මහා විහාරයේ දී සිල් සමාදන් වූ සැදැහැවතුන් අතර බෙදාදීම ඒ මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රා අත්නායක මහත්මිය විසින් සිදු කරන ලදී.

දුරුතු පුර පසළොස්වක පෝය දින බුදුසරණ පත්‍ර අත්තනායක මහත්මිය විසින්, ගල්මඩුව රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාරයේ කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නා හිමියන් වෙත පිරිනැමූ අතර එම අවස්ථාවට දායක සභාවේ සභාපති පඩිවත්තේ එච්.එම්.කේ. බණ්ඩාර නත්තරත්පොත ජයන්ති පෙර පාසලේ පාලක, නිහාල් ජයවර්ධන යන මහත්වරුද සහභාගී වූහ.