Print this Article


අමුණුගොඩ කුඩුමිරිසේ සිරිපැරකුම්බා රජමහා විහාරයේ වාර්ෂික පින්කම

අමුණුගොඩ කුඩුමිරිසේ සිරිපැරකුම්බා රජමහා විහාරයේ වාර්ෂික පින්කම

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පින්කම් මාලාව සැමට සෙත්පතා මෙවරත් 66 වෙනි වරට පසුගිය 01 වෙනිදා ආරම්භ කෙරිණි. විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ සෝමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි පරකන්දෙණියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

ජනවාරි 01 වෙනිදා අසූ මහා ශ්‍රාවක පූජාව ආරම්භ කළ අතර ජනවාරි 08 සිට ජනවාරි 31 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. පෙබරවාරි 01 වෙනිදා තිස්පැය හතේ පිරිත් දේශනාව ආරම්භ කෙරෙන අතර පෙබරවාරි 04 දවල් දානය එදින සවස දේවදූත පෙරහර ද එදිනම රාතී‍්‍ර 10.00 ට දොරකඩ අස්න අනුශාසනාව ද සිදුකෙරේ.

ජනවාරි 28 වෙනිදා ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්වේ.