Print this Article


අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 20 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 20 වෙනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී

මධ්‍යම පළාතේ හාරිස්පත්තුව , තුම්පනේ,උඩුනුවර, යටි නුවර, දුම්බර, හේවාහැට යන ප්‍රදේශවල යළ මහා දෙකන්නේ වී අස්වැන්නෙන් සහ සුළු අපනයන බෝග සම්පත්වලින් සශ්‍රීක වූ සාරවත් ප්‍රදේශ වෙති. රටේ සෞභාග්‍යයත්, ආශිරිවාදයත් ප්‍රාර්ථනා කරමින් එම ප්‍රදේශවලින් බුද්ධ පාත්‍රයකට එකතුකරන ලද මාස්පතා බෙහෙත් ඖෂධ වර්ග අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන්ට පූජා කිරීමේ පූජෝත්සවයක් 63 වෙනි වතාවටත් ජනවාරි මස 20 වෙනි දින පැවැත්වීමට මහනුවර සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම සංවිධානය කර ඇත.

ජය සිරිමහ බෝ සමිඳුන් සිරිලකට වැඩමකොට, වසර 2326 ක් සපිරීම, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 51 ක් පිරීම, රට වැසි සැමට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීම මූලික අරමුණු කොට වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අසිරිමත් මහ බෝ වන්දනා සහ මහ බෝ පෙරහරට ප්‍රදේශ රැසක ගරුතර මහා සංඝරත්නය, සැදැහැවතුන් සහභාගි වෙති. බෝග වගාවත්, අස්වනු පූජා වට්ටි ලෙස සකස් කරගත් ගොවි පවුල් එම වන්දනා පෙරහරට සහභාගි වීම විශේෂ සිද්ධියකි. අනුරාධපුර ථූපාරාම චෛත්‍ය මලුවෙන් සවස 2.00 ට පමණ ගරුතර මහා සඟරුවන පෙරටු කර ගෙන පිටත්වන මහ බෝ පෙරහරේ ජයසිරිමහ බෝ සමිඳුන්ට පුදන මහා කප්රුකක් රැගෙන යෑමෙන් ප්‍රාර්ථනාවන් සිහි පත්කර ගනිති.

ශාස්ත්‍රපති බටුගොඩ සංකිච්චායන නා හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදු කෙරේ.