UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සත්වගට සෙත් සදන මග

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය න ඝාතයෙ

සකල ජන සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු පිරිසක් හා සතළොස්වග හෙවත් දාහත් නමකගෙන් වර්ග වූ භික්ෂු පිරිසක් අතර ගැටුමක් හටගෙන එය දණ්ඩනයෙන් කෙළවර විය. හේතුව සෙනසුන්වල අයිතිය බෙදා ගැනීමට යාම ය. එක් දිනක් සතළොස්වගට අයත් භික්ෂූහු සැතපීමට සෙනසුන් පිළියෙල කරගත්හ. සවග භික්ෂූන් වැඩිමහල් වන අතර එම සෙනසුන් බලහත්කාරයෙන් ගන්නට ප්‍රයත්න දරනවිට සතළොස් භික්ෂූන් එයට අකමැති වූ බැවින් සවග භික්ෂූහු සතළොස් වග භික්ෂූන්ට පහර දුන්හ. අප බුදුරජාණන් වහන්සේ මෙම කාරණය නිමිති කරගෙන විනය නීතියක් පනවා මෙම උතුම් ගාථා ධර්මයෙන් ලෝකයේ සෑම සත්වයන්ගේ ම වන ස්වභාව ධර්මයක් දේශනා කළ සේක. සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. එමෙන් ම මරණයට බියවෙති. සියලුම සත්වයෝ තමාගේ ජීවිතයට පි‍්‍රය කරති.

ඉතිරිය»

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]