UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බද්දේගම පුරවරයට පහන් ටැඹක් වූ කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමය

රුහුණු පුරවරයේ ගාලු දිස්ත්‍රික්කයේ සුන්දර ඓතිහාසික බද්දේගම නගර මධ්‍යයේ පිහිටා ඇති, වසර සියයකටත් වඩා ඉපැරණි කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම අමරවංශ පිරිවෙන් විහාරස්ථානය සැමට ම ආශිර්වාදය සලසන පූජනීය ස්ථානයකි. කුඩා ආවාස ගෘහයකින් කීඹියේ ශ්‍රී සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කරන ලද එම විහාරස්ථානය වර්තමානයේ සකල විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ රමණීය පින් බිමක් බවට පත්ව තිබීම සැදැහැවත් බෞද්ධයන්ගේ චිත්තප්‍රසාදයට හේතු වී ඇත. බද්දේගම නගරයේ සිට මීටර් 500 ක් තරම් දුරකින් කුඩා කඳු ගැටයක මෙම විහාරස්ථානය පිහිටා තිබීමෙන් බද්දේගම ප්‍රදේශයේ ම සුන්දරත්වය වැඩි කිරීමට සමත් ව තිබේ. ශ්‍රී සුධර්මාරාමය "වැල්ලෙතොට පන්සල" යනුවෙන් ද පැරැන්මෝ හැඳීන්වූහ. අතීතයේ ලංකාව ආක්‍රමණය කළ සතුරන්ට එරෙහිව සටන් වැදුණු සිංහලයන්ට බත් දුන් ගම - බද්දේගම වූ නිසාත්, වාද අතර බද්දේගම වාදය ඉතා ප්‍රකට වාදයක් වූ නිසාත් බද්දේගම ඓතිහාසික වූත්, ප්‍රසිද්ධ වූත් නගරයකි.

ඉතිරිය»

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]