Print this Article


මාලිම්බඩ ක්ෂීරපායාස දුරුතු මහා පුණ්‍යෙීත්සවය

මාලිම්බඩ ක්ෂීරපායාස දුරුතු මහා පුණ්‍යෙීත්සවය

මාතර ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය වසර 300 ක පමණ ඉතිහාසයක් ඇති ඉතා පෞරාණික ආගමික වටිනාකමකින් හෙබි සිද්ධස්ථානයකි. එම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කළ ආභිධම්මික මූණමල්පේ ශ්‍රී පේමානන්ද සහ මාලිම්බඩ නන්දාරාම යන නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සතර පේරුවේ දායක භවතුන් ගේ සහභාගිත්වයෙන් මෙම පින්කම 1941 දුරුතු මස පසළොස්වක පොහොය දින මුල් වරට ආරම්භ කරන ලදී. මෙම පින්කම 77 වන වරටත් ඉකුත් 25 වැනි දින සිට ජනවාරි 02 වැනි දින දක්වා පැවැත්වේ. පින්කමට අමතරව වාර්ෂික ක්ෂීරපායාස දුරුතු මහා රන්දෝලි පෙරහරක් ද පසුදින නව ග්‍රහ ශාන්ති පූජාවක් ද පැවැත්වේ.