Print this Article


වැලිසර ජිනවංශ තිස්ස නා හිමියන්ගෙන් පාසල් දරුවන්ට තෑගි බෝග

වැලිසර ජිනවංශ තිස්ස නා හිමියන්ගෙන් පාසල් දරුවන්ට තෑගි බෝග

අමරපුර මහා නිකායේ උතුරු මැද පළාත් අධිකරණ සංඝ නායක ශ්‍රාවස්තිපුර වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරාධිපති වැලිසර ජිනවංශතිස්ස නාහිමියන් විසින් 2018 වසරේ පාසල් යන දරුවන් 500 දෙනෙකුට සපත්තු, පාසල් බෑග් බෙදාදීම පසුගියදා (10) සවස වෙහෙරබැන්දකුටිය රජමහා විහාරස්ථානයේ දී සිදුකෙරිණි.

ලැබෙන දේ අන් අයගේ යහපත වෙනුවෙන් යෙදවීම උතුම් පින්කමක් බව ද වෙහෙරබැන්දකුටිය රජ මහා විරාහාධිපති වැලිසර ජිනවංශ තිස්ස නාහිමියෝ එහිදී අනුශාසනා කරමින් පැවසූහ. රුපියල් ලක්ෂ අටක පමණ පාසල් උපකරණ දරුවන් වෙනුවෙන් ලබා දුන් බවත්, මෙසේ අවශ්‍ය දේ ලබා ගෙන හොඳට ඉගෙන ගෙන රටට වටිනා සේවයක් ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා මෙන් ද උන් වහන්සේ පැවසූහ. මෙම කටයුත්ත සඳහා උදවු උපකාර කළ සියලු ම පින්වතුන්ට මහා සංඝ රත්නයේ ආශීර්වාදය පිරිනමන බව ද පැවසූහ.

එම අවස්ථාවට කටුගස්තොට සමිතවංශතිස්ස හිමියන් සමග පෑලී ඉන්ටර්නැෂනල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් දේශපි‍්‍රය, අනුරාධපුර අතිරේක දිසාපති කීර්ති ගමගේ, සාමවිනිසුරු කේ. අබේසුන්දර, යන මහත්වරුන් සමඟ විශාල පිරිසක් ද සහභාගි වූහ.