Print this Article


ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ට සෙත් පැතීමේ පින්කමක්

ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ට සෙත් පැතීමේ පින්කමක්

කොළඔ හුණුපිටියේ ගංගාරාමාධිපති, ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමියන් වෙත සෙත් පැතීම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාමය පින්කමක් තෛ‍්‍රනිකායික මහා නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් දා (12) ගංගාරාමයේ දී පැවැත්විණි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනු නා හිමි, ආනමඩුවේ ධම්මදස්සී අනු නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමි, ආචාර්ය ගොඩගම මංගල නා හිමියන් ඇතුළු මහා සඟරුවන ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ දායක පිරිස ද සහභාගි වූහ.