UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දරන දුවේ පුතේ, මේ වස්සාන කාලය යි. පින් පිරෙන මාසය යි. ඔබත් මවුපියන් සමඟ එක්ව කළ හොඳ ක්‍රියා, පුණ්‍ය ක්‍රියා ගැන නිර්මාණාත්මකව අප වෙත ලියා එවන්න. ඉදිරි කලාපවලදී එම නිර්මාණ පළ කරමු. අපවෙත ලැබී ඇති අම්මා පිළිබඳ රචනා ලබන කලාපවල දී පල වේ. හොඳම නිර්මාණ සඳහා වන ත්‍යාග ඉදිරියේ දී ලැබෙන්නට සලසමු. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි.

43. ජී. එච්. එම්. ප්‍රතිභා දිවාසංජලී
සසෙක්ස් කොලෙජ් , 6 ශ්‍රේණිය

44. වත්සලා පි‍්‍රයදර්ශනී ලියනපතිරණ
ශ්‍රී රතනජෝති දහම් පාසල, 12 ශ්‍රේණිය

45. එස්. එම්. තෙනුරි උදාම් සෙනරත්
දන්කොටුව බාලිකා මහ විදුහල, 9 ශ්‍රේණිය

46. ඩබ්. ඩී. සෙත්මික උදාන්
දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම දහම් පාසල, 5 ශ්‍රේණිය

47. අයේෂ් ඉමල්ක කුමාරසිංහ
අ/ වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විදුහල, 7 ශ්‍රේණිය

48. එච්. ඒ. කළණ චාමිකර එදිරිසිංහ
ශ්‍රී ධර්මාශෝක දහම් පාසල, 06 ශ්‍රේණිය

49 එම්. හිමායා සත්සරණී ප්‍රනාන්දු
ශ්‍රී පේමානන්ද දහම් පාසල, 3 ශ්‍රේණිය

50. ඇස්. ඇම්. සඳුන් ජයනාත්
ශ්‍රී ගුණරතන දහම් පාසල, 11 ශ්‍රේණිය

51. බී.ඩබ්.ජී. විහඟ ප්‍රබෝද්
ශ්‍රී රාහුල විදුහල, 4 ශ්‍රේණිය

52. ටී. භාග්‍යයා සත්සරණි ද සොයිසා
ශ්‍රී සංඝබෝධි දහම් පාසල, 9 ශ්‍රේණිය

53. ඒ. අමිතානන්ද හිමි
ශ්‍රී සාරාණන්ද මහ පිරිවෙන, 9 ශ්‍රේණිය

54. ඉසුරු උත්පලා මධුභාෂිත
ශ්‍රී රාහුල ප්‍රාථමික විදුහල

55. එස්.එච්. තරුෂි ද සිල්වා
කුසුම් බාලිකා විදුහල, 3 වසර

56. එල්.එම්. රොෂාන් චතුරංග
සිරිධම්ම විදුහල, 8 ශ්‍රේණිය

අම්මාට බුදු සරණයි

දස මසක් මා කුසේ දරාගෙන මෙලොවට බිහි වූ දා සිට රතු ලේ කිරි කර පෙව් ඇය මාගේ ආදරණීය අම්මා ය. මගේ කැතකුණු අතගාමින්, දණගාන කාලයේ ද, මා දෙ පයින් වාරු ගෙන තනිවම ඇවිදින කාලයේ දී ද, ඇය මා ළඟටම වී සතුටු සිනා පෑවා ය. පාසලේ අධ්‍යාපන කටයුතුවලට මා නිතර උනන්දු කරන අම්මා ක්‍රීඩාවන් සඳහා ද මා උනන්දු කරවයි. මට ලෙඩක් දුකක් සැදුණු සෑම විටම නො පෙනෙන ලෙස කඳුළු සලමින් මා ළඟටම වී ඇය සිටින්නී ය. මගේ පියා රැකියාව නිසා දුර බැහැර ප්‍රදේශයක සිටියත්, ඒ අඩුව මට නො දැනෙන ලෙස අම්මා මා සමඟ කාලය ගත කරන්නී ය. රස ආහාර සකසා දෙමින් ද, හර බර දේ මට කියා දෙමින් ද, සමාජය ගැන අවබෝධය ලබා දෙන්නී මගේ අම්මා ය.

මා හට මෙතරම් ආදරය, කරුණාව, දයාව, සෙනෙහස දක්වන ඇය මහලු වූ කළ හොඳින් රැක බලා ගැනීම මගේ යුතුකමයි. මගේ අම්මාට බුදු සරණයි.


යහමඟ පෙන්වූ අම්මා

දස මාසයක් දුක් විඳ මා මෙලොවට බිහි කළේ මගේ ආදරණීය අම්මා ය. ගුණ ධර්ම, සිරිත් විරිත්, යහපත් ගති පැවතුම් කියා දෙමින් ඇය අප යහමඟට ගත්තා ය. රෙදි ටික සෝදා දෙමින්, ආහාර සකස් කර, අප හොඳින් පෝෂණය කළේ ද ආදරණීය අම්මා ය. ලෙඩක් සෑදුණු විට ආදරයෙන් අප රැක බලා ගත්තා ය. යම් විපතක දී මා ළඟම සිටියේ ද මගේ අම්මා ය. මගේ අම්මාට දළදා සමිඳු පිහිටයි.


මහමෙරකි ඔබ

මගේ අම්මාගේ නම ලක්මාලි ආටිගල. මගේ අම්මා හරි උසයි. ඇය අපට රසට කෑම හදා දෙනවා. ඇය ඉතා කරුණාවන්ත යි. මගේ අම්මා මට පාඩම් පොත් කියා දෙනවා වගෙ ්ම හොඳ නරක කියා දෙනවා. ඒ වගේ ම වැරැද්දට දඬුවම් කරනවා. නිවාඩු දිනවල අපත් සමඟ සෙල්ලම් කරනවා. මගේ අම්මා රැකියාවක් කරනවා. මගේ අම්මා මටත්, නංගීටත් ආදරෙයි. අපිත් අම්මාට ගොඩක් ආදරෙයි. මගේ අම්මාට බුදු සරණයි.


ගෞරවයෙන් පුදමු අම්මා

ගෙදර බුදුන් ලෙස සලකන අම්මා ඉතා ගෞරව කළ යුතු කාන්තාවකි. දස මසක් කුසේ තබාගෙන, උස් මහත් කර තම දරුවන්ට ශිල්ප සතර දී පෝෂණය කරන්නේ අම්මා ය. පොඩි කාලයේ මා කඳුළු හෙළන විට ඇයගේ ඇස් අබියස තිබෙන කඳුළුවල තේරුම දුකකි.

පළමු වසරට ඇතුළත් ව ශිල්ප හැදෑරීමට යනවිට ඇය සතුටු වෙමින් මා වැළඳ ගත්තා ය. මා ටිකෙන් ටික උස් මහත් වූයේ ඇය නිසා ය.

මගේ අම්මා මට බෝ ගසක් වැනි ය. බෝ ගසේ කොළ අප පාගන්නේ නැත්තේ එයට ඇති ගෞරවය නිසා ය. එලෙස ම මම අම්මාට ගෞරවය කරමි. මගේ අම්මාට තෙරුවන් සරණින් යහපතක් වේවා.


සදා ණය ගැතියි

ආදරය, කරුණාව, දයාව, මාතෘ ස්නෙහය යන මේ නම් ගැබ්ව ඇති එකම නම වනුයේ ‘අම්මා’ය. අප බහ තෝරණ කාලයේ සිට, අපට හුරු පුරුදු වචනය ‘අම්මා’ ය. පුංචි කාලයේ දී කවුරුන් හෝ දඬුවම් කළ විට අප අඬ අඬා කීවේ ‘අම්මා’ කියා පමණි. එම ආදරණීය සෙනෙහස ඇති කළේ මා ආදර අම්මා ය.

අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ සදිස නමස්කාරයේ දී අම්මා හා තාත්තාට නැමදීම උතුම් බව පෙන්වා දෙයි. මේ වන විට අඹගස්වැවේ අමිතානන්ද හිමි නමින් සසුනට ඇතුළු වුවද මා ආදරණීය අම්මාට මම සදා ණය ගැති ය.

ආදරණීය අම්මේ ඔබ නිවන් දකිත්වා!


අඳුරු අහසේ පුන්සඳ

මා මෙලොව එළිය දුටු දා පටන් මගේ ලොව එළිය කිරීමට අම්මා අපමණ වෙහෙස ගත්තාය. ඇය මට ආදරය කරනුයේ ඉතා පිවිතුරු , පි‍්‍රයාදර සිතිණි. අහස තරම් විශාල, මුහුද තරම් ගැඹුරු, සඳ තරම් සුන්දර, මහා වෘක්ෂයක් සේ ශක්තිමත් ඒ සෙනෙහස මට ලැබෙනුයේ අම්මාගෙන් ම පමණි. මගේ මව මා වෙත ලබා දෙන රැකවරණය අන් අයෙකුගෙන් නො ලැබේ. ඇය මට මේ ලොව සිටින හොඳම අම්මා ය.

මා මෙලොව එළිය දුටු දා සිට මගේ ලෝකය ගොඩ නැගුවේ ඇය යි. අඳුරු අහසක් වන් දුර්ජන මිනිසුන් අතර, මගේ මව මට සිසිල් සඳ එළියකි. ඇය මගේ රුව පමණක් නොව මගේ සුවඳ, මගේ බැල්ම පවා හොඳින් හඳුනයි. ඇය තරම් මා ගැන දන්නා වෙන කිසිවෙක් මේ ලොව නැත. මගේ මව නමින් මෙන් ම ක්‍රියාවෙන් ද සැබැවින් ම පි‍්‍රයාවියක් යැයි මම සිතමි. ඇය නමින් ප්‍රියන්ති නම් වේ. මගේ ලෝකයේ රැජිණ ඇය යි. මුළු ලොවම මා තනි කළ ද මා තනි නො කරන එක ම තැනැත්තිය මගේ අම්මා ය. අහස තරම් විශාල ඒ සෙනෙහසට මහ මෙරක් සේ මම ගෞරවය කරමි. ආදරය කරමි.


සැනසුම ඔබයි

දස මසක් මා ඔබගේ කුසතුළ වැඩුණි. මෙලොවට බිහි වූ දා සිට ලේ කිරි කර පොවා මා පෝෂණය කළේ ඔබ ය මෑණියනි. සෑම දරුවෙකුගේ ම පූර්වාචාර්යයන් වන්නේ තම මව්පියන් බව බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. අප වෙනුවෙන් අනූපමේය සේවයක් කළ ආදරණීය අම්මේ මෙම දිවිමන් තලාවේ මට එකම සැනසුම වන්නේ ඔබ ම ය. අම්මේ මම සැමදා ඔබගේ පා යුග වඳිනෙමි.

දස මසක් දුක් විඳ මා හැදූ අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
මේ දිවියේ සැනසුම ඔබමයි අම්මේ
ඔබේ ගුණ සිහි කරමි මම ආදරයෙන් අම්මේ

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]