UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි. දැනට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන අජිත් සේනානායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය සංජීව හෙයියන්තුඩුව මහතා පවසයි. එම නිසා මේ සඳහා වයස 28-60 අතර ඕ පොසිටිව් ලේ වර්ගය ඇති අයෙකුගේ වකුගඩුවක් දීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු කිරීමට හැකි ඉක්මණින් මෙම දුරකථන අංකයට 0713540947 අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

*****

මහනුවර පට්ටියාවත්ත, අංක 23 /සී රජපිහිල්ල ලිපිනයේ පදිංචි පී.ජී.ජේ. හේමන්ත නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීම් ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේනම් 0778067504 හෝ 0770271443 දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කෙරෙයි.

*****

දෙහිවල, බෙල්ලන්තර පාරේ, අංක 52/1 නිවසේ පදිංචි ආර්.ඒ. විජේරත්න මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඔහුට ඉතා ඉක්මනින් ‘ඕ’ පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස විශේෂඥ වෛද්‍ය සුර්ජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් පිරිනමන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. දුරථකන අංකය 071 5655456 වේ.

*****

වයස අවුරුදු 38 ක එක් දරු තරුණ පියෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් කෙරේ. පොඩි කාලයේදීම තම පියා මියගිය අතර ඒ අඩුව මඟ හරවමින් තම මෑණියන් හා එක්ව ධෛර්යවන්තව ජීවිතය ජයගැනීම සඳහා කෘෂිකාර්මික කටයුතුවල නියැලෙමින් උත්සාහවන්තව කටයුතු කළ නිමල්ජයරත්න නම් තරුණයා වකුගඩු රෝගය නිසා අසරණ වී සිටින බව කියයි. තම ගම්මානයේ හා ප්‍රදේශයේ සමිති සමාගම්වල සමාජීය කටයුතුවලදී සහෝදරත්වයෙන් කටයුතු කළ සියලු දෙනාගේ ආදරයට පාත්‍ර වූ එම තරුණයා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහු දැනට රුධිර කාන්දු කරණය කරන අතර පොළොන්නරු මහ රෝහලෙහි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා විසින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි නිර්දේශ කර ඇති බවද කියයි.

තම බිරිඳ හා වයස අවුරුදු 6 ක දියණියත් තම ආදරණීය මෑණියනුත් පෝෂණය කරමින් සිටින මොහුට ජීවත්වීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ කාරුණික අවධානය යොමු කර ආධාර උපකාර ලබා දීම පින්කමක් බවද කියයි. එස්.ටී. එස්. ෆොන්සේකා, ගිණුම් අංකය 77211618, ලංකා බැංකුව, ගල්කිරියාගම පී.එච්. කිරිමුතු (මව) තුෂාරිකා සංජීවනී ෆොන්සේකා (බිරිඳ) 071 4665872 – 071 8145361 දුරකථන අංක වේ.

*****

බුත්පිටිය, කුරුඳුහේන, පිළිකුත්තුව ඩබ්ලිව්.ඩී. ශි‍්‍රයානි කුලතුංග නමැති අයට වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර එය ලබා ගැනීමට උපකාර කරන මෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. 071 3486587, 071 8123873 දුරකථන අංක වේ.

*****

සුමනාරාම පන්සල පාර. ඈතගම පයාගල පදිංචි වරකාගොඩගේ දෝන කුමුදිනී සමන්තිකා හට දියණියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් අතරින් වැඩිමහල් දියණිය උසස් පෙළ හදාරන අතර දෙවැනි දියණිය වර්ෂා මල්කි දිසානායක, වයස අවුරුදු 12 දැරියකි. ඇය පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර දැනට ඇය වසරක පමණ කාලයක සිට කොඳු ඇටපෙල ඇදවීමේ රෝගයට ගොදුරු වී ඇති බව කියයි.

මෙය ශල්‍යකර්මයකින් නිවැරදි කළ යුතු බවත් එම සැත්කම මෙරටදී කළ නොහැකි බවත් වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

එම නිසා ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී කොඳු ඇටපෙළ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සජාන් කේ හෙග්ඩි මහතා විසින් සිදුකරනු ලබන එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බව කියයි.

අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනෙකු සිටින ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ග නොමැති හෙයින් එම මුදල සොයාගැනීම ඉතා අපහසු කාර්යයක් බවද කියයි. එම දියණියගේ රෝගය සුව කරවා ගැනීමට අවශ්‍ය මෙම ශල්‍යකර්මය සිදු කිරීම සඳහා හැකි ආධාර උපකාර ලබාදෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

ගිණුම් අංක 039200150060082- කළුතර මහජන බැංකුව

100128884005 – කළුතර එන්.එස්.බී. බැංකුව

දුර.අංකය – 0772502887 වේ.

*****

අසාධ්‍ය රෝගියෙකු සඳහා බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි.

දුරකථන අංක :–0112817092, 0789685950, 0718137308 වෙතින් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.

*****

පානදුර, වෑකඩ, පහන්ගම, අංක 250/ඒ 1 හි පදිංචි චමින්ද කුමාර ප්‍රනාන්දු (31) යන අය වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා දන්වා ඇති බව කියයි. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 3462777 හෝ 071 7689731 වැඩිවිස්තර දැනගත හැකිය. ස්ථිර ආදායමක් නැති ඔහුට ඖෂධ සඳහා මුදල් පරිත්‍යාග කරන්නේ නම් බම්බලපිටිය මහජන බැංකුවේ ගිණුම් අංක 200190002529 ගිණුමට මුදල් බැර කළ හැකි බව කියයි.

*****

අංක 53/1 මෝරගල දෙකටන ලිපිනයෙහි පදිංචි ජී.ඩී. රසිකා ලක්මාලි ගමගේ මෙනවිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඒ සඳහා ඇයට අවශ්‍යව ඇත්තේ බී ගණයේ හෝ ඕ ගණයේ වකුගඩුවක් බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලි අයෙකු දුරකථන අංක 071-5131951 ,077-8144336 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]