UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඇසළ පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 06.00 –පස්වරු 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ඇසළ පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් සංවිධානය කරති.

පෙරවරු 06. අටසිල් සමාදන් කරවීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 09.00 ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහිදේශනය ගෞරව ශාස්ත්‍රවේදී ගයාන් චානුක විදානපතිරණ මහතා, පෙරවරු 10.30 – බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක :– රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි පස්වරු 01.00- ධර්ම දේශනාව ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි 02.00- ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම ,02.45 දම්සභා මණ්ඩපය.සහභාගිත්වය :– ශාස්ත්‍රපති පණ්ඩිත වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති ධර්මවර්ධන මහතා 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධිපූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය,

බම්බලපිටිය - සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පුජාව, රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-09.30 ගිහිදේශනය ශාස්ත්‍රපති ආචාර්ය ශේන් බ්ලොක් මහතා . 09.30-11.00 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරිවජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදුවේ මහින්ද හිමි, පස්වරු 12.15-01.00 සෙත් පිරිත් – සිරි වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 02.00-03.00 ධර්මානුශාසනාව, ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 3.30-4.30 දහම් දෙසුම කිරම අරියදේව හිමි.04.30-5.30 ධර්මානුශාසනාව – මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 05.30-06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා 06.00-06.30 වස් ආරාධනාව

ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පස්වරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර, ප්ලාස්ටෝවිහි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව නෙලුවාකන්දේ ඤාණානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව පානකාවේ ප්‍රේමරතන හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය’ සාකච්ඡාව, දරණාගම කුසලධම්ම නාහිමි, හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා, මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා, 2.00 – 3.00 ධර්මදේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දඹදිව වේළුවනාරාම විහාරාධිපති පල්ලේගම විජිත හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, දේවගොඩ පියරතන හිමි, වේවැල්දූවේ ධම්මකිත්ති, ඇලපිටිවල නන්දවිමල යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය. වාර්ෂික වස් ආරාධනා පිංකම රාත්‍රී 7.00 ට පැවැත්වේ.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ඇසළ පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රව්දී රන්දිලිගම මහින්ද හිමි, 06.30-7.00 උදෑසන බුද්ධ පූජාව 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව මහරගම පදුම හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පුජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය දේශනය, 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව හල්මිල්ලෑවේ ධම්මජෝති හිමි, 04.00-5.00 දම්සක් පැවතුම් සූත්‍රය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-06.30 වස් ආරාධනා පින්කම 06.30-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි 07.00-08.00 සන්ධ්‍යා ධර්මදේශනාව අනුරාධපුර අරියඥාන හිමි

බොරැල්ලේ ශ්‍රී ගෝතමී පුරාණ විහාරය

ඇසළ පෝදා 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව, මෙහෙයවීම රාජකීය පණ්ඩිත පනාවල ධම්මධවජ හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් , 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව

පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම, ජයන්ත රාජවික්‍රම මහතා 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මුරුතුවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව මරදාන සංඝමිත්තාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සිල් පවාරණය සහ තේ පැන් සංග්‍රහය

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශී‍්‍ර ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පොහෝද,ා ශීල, භාවනා ධර්මදේශනා මාලාවක්. ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00-6.30 උපොස්ථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00-9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනාව, සෙවණගල අජිත හිමි, 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාමවාසී ස්වාමින් වහන්සේලා 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන් ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි. 3.30 -4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 4.30-5.30 ධර්ම දේශනය 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 ගිලන්පස පුජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00-9.00 පටිගත කරන ලද ධර්ම දේශනයක්.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.30 – 10.00 භාවනා ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 -2.00 ධර්මදේශනය කඩවත සමින්ද හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති මීගොඩ සුඛිත හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි. රාත්‍රී 7.00 අටවිසි බුද්ධවන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදිනට උපාසක උපාසිකාවන්ට ධර්මදානය ලෙස පිළිගැන්වේ.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයමෙන් ඇසළ පෝදා දවස පුරා කළුතර බෝධි පරිශ්‍රයේදී පින්කම් රැසක් සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව හා සම්බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30-9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම ගම්පහ සිරි සීවලී හිමි 10-11.30 දහම් දෙසුම තිනියාවල ඤාණින්ද හිමි පස්වරු 1-2.45 දහම් දෙසුම කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි 3-4.30 දහම් දෙසුම කිතලගම නන්දසාර හිමි, 4.30-6 දහම් දෙසුම කඩවත පඤ්ඤානන්ද හිමි. 6.15-7 බෝධි පූජාව (පානදුරේ අරියධම්ම හිමියන් මෙහෙයවූ පටිගත කරන ලද බෝධි පූජාව ) 7-8 කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.10-10.30 චතුරාර්ය සත්‍යය දේශනය හා සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව, ඇරැව්වල සමිත හිමි, බුත්තල ධම්ම විජය හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, නාරම්මල උදිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව පැපිළියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙණේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදායාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී සූරියවැවේ විජිතනන්ද හිමි, 4.00 – 5.00 වස් ආරාධනා පින්කම, 5.00 – 6.00 ධම්ම පදය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

ඇසළ පෝදා 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 08.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ලේල්වල තපස්සි හිමි, 10.00-11.15 පරෝපාකර සංග්‍රහය ,අනුශාසනාව බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුන්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ පැනසිහගම ඛේම හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දේශනය මහාචාර්ය වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය 3.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඔක්කම්පිටියේ කස්සප හිමි, 4.15-5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි 5-6 දහම් දෙසුම දියතලාවේ පියදස්සි හිමි, 06.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි,

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී ඇසළ පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දස සිල්මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8-9 දහම් දෙසුම කහටපිටියේ පඤ්ඤාසාර හිමි 9.30-10.30 දහම් දෙසුම වල්ගම සුමන හිමි, පෙරවරු 9.30 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12-12.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව 1.00-2.00 දහම් දෙසුම මීතලාවේ විනීත හිමි 4-5 භාවනා වැඩසටහන ධම්මවිහාරි හිමි, බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පුජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

රද්දොළුව අභිනවාරාමය

රද්දොළුව අභිනවාරාමයේ වස් ආරාධනා කිරීමේ පින්කම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි පණ්ඩිත සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟන සමිතිය, එක්සත් තරුණ බෞද්ධ සමිතිය හා විහාරස්ථ ශී‍්‍ර ධම්මානන්ද දහම් පාසලේ සංවිධානයෙන් සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ප්‍රධාන දායකත්වය රද්දොළුවේ පී. ආරියරත්න, සෙනෙවිරත්න, මහතා සහ මාලනී සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් ඇසළ පුන් පොහෝ දින පස්වරු 04.00 ට සිදු කෙරේ.

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමෙන් දුෂ්කර විහාරස්ථානවල කඨින පින්කම් මාලාවක්

දුෂ්කර විහාරස්ථානවල කඨින පින්කම් සිදු කිරීමට තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම කටයුතු සංවිධානය කරනු ලැබේ. දුෂ්කර විහාරස්ථාන වෙනුවෙන් ගිරි භණ්ඩ පූජා පින්කම් පවත්වාගෙන යන තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම මඟින් දුෂ්කර විහාරස්ථාන වෙනුවෙන් කඨින පින්කම් මාලාවක් පැවැත්වීමට 2008 වසරේ සිට කටයුතු සංවිධානය කර ඇති බව කියයිනොදියුණු ප්‍රදේශවල විවිධ අපහසුතා මැද වැඩසිටිමින් සම්බුද්ධ ශාසනය බෞද්ධ හා මහජනතාව වෙනුවෙන් උදාර මෙහෙවරක යෙදී සිටින උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ශාසනික මෙහෙවරට ශක්තියක් ලබා දෙමින් එම පින්කම් මාලාවට සහභාගී වන මෙන් සැදැහැවතුන් වෙත ශ්‍රී සිද්ධාර්ථ පදනම ආරාධනා කරයි. සම්පූර්ණ කඨින පින්කමක් භාර ගැනීමෙන් හෝ කඨින පින්කමක කොටසක් සඳහා දායක වීමෙන් එම සත්කාරය සඳහා දායක විය හැකි බව ද ගෝනපල හන්දිය, තලගල මංගලාරාමයේ ශ්‍රී සිද්ධාර්ථ පදනම කියයි.

ගොතටුව පාරමිතා බෝධිමළු විහාරය

ගොතටුව පාරමීතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාවක් වැඩමවාගෙන විත් 1994 ඇසළ පුන් පොහෝදා රෝපණය කොට 23 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන බෝධි සංවත්සර මහා පූජාව මෙවරත් පාරමිතා විහාරස්ථානයේදි පැවැත්වීමට අරම ශ්‍රී ධම්ම තිලක නාහිමියන් ඇතුළු දායක පිරිස විධි විධාන යොදා ඇත.

තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ පින්කම්

 මොරටුව– කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ඇසළ පුර පොහෝ දින වැඩසටහන දවස පුරා පැවැත්වේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහරද 6.30 -7.30 අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-10.00 ධර්ම දේශනය සහ භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 10.30-11.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දහවල සම්බුද්ධ පුජාව. පස්වරු 12.30 -2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.00-3.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත මැද උයංගොඩ විමලකිත්ති නාහිමි. 3.15-4.00 ජාතක කථා දේශනය දම්පහළ ඤාණසුදීර හිමි, 4.00-5.00 මහාසමය සුත්‍ර දේශනාව 5.00 සිල්පවාරණය සිදු කිරීම දම්පහළ ඤාණරතන නාහිමි, 6.00-7.00 අටවිසි ගිලන්පස සම්බුද්ධ බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, 7.00 ට වස් ආරාධනාව පින්කම, බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීම දායකත්වය බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මඟිනි.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]