UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

67 වන වරට පවත්වන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

67 වන වරට පවත්වන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාර ඇසළ පෙරහර කමිටුව, දායක සභාව ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධාන මැයි මස 28 වන දින විහාරස්ථ ධර්ම ශාලාවේදී රැස්වූහ.

අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් විසින් මීට වසර 67 කට පෙර ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබු ඇසළ මහා පෙරහර ඇතුළු පින්කම් මාලාව මෙවරද ඉතා උත්කර්ෂවත් අන්දමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට සාකච්ඡා කර ඇත.

ඒ අනුව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන්ට පින් පැමිණවීමේ වාර්ෂික ධර්ම දේශනා මාලාව මෙවරද අගෝස්තු මස 10,11 හා 12 දිනයන්හි පැවැත්වේ. චිරාගත සාම්ප්‍රදායානුකූලව පවත්වනු ලබන සති පිරිත් දේශනය අගෝස්තු 13 දින ආරම්භ වේ. එම පිරිත් දේශනය අගෝස්තු 19 දින දක්වා පැවැත්වේ. සෑම දිනකම 50 නමකට අධික මහා සංඝරත්නය මේ සඳහා සහභාගි වන අතර එම දිනවල දවල් දානය හා සවස ගිලන්පස පුජාවන් දායක කාරකාදීන් භාරගෙන ඇත. අගෝස්තු 19 සති පිරිත් දේශනය අවසන්වීම දේවදූත පෙරහර විහාරස්ථානට පැමිණීමෙන් පසු දොරකඩ අස්න අනුශාසනාව සිදු කෙරේ. සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර අගෝස්තු 19 දින පැවැත්වෙන අතර අනතුරුව අගෝස්තු 20 දින සිට 23 දින දක්වා මල් පෙහෙර විහාරස්ථ භූමිය තුළ බෝධි මළුව, චෛත්‍ය මළුව හා විහාර මළුව පැදකුණු කරමින් පැවැත්වේ.

සර්වඥ ධාතු කරඬුව ප්‍රථම වරට ධාතු මන්දිරයෙන් පිටතට ගෙන සැදැහැවතුන්ගේ හිස් මතින් වඩමවමින් පූජෝපහාර පවත්වා සිදුකරන පාවාඩ පෙරහර අගෝස්තු 24 දින සිදු කෙරේ.

විහාරස්ථානයේ පිටතට ප්‍රථම වරට සර්වඥ ධාතු කරඬුව හස්තිරාජයා පිට වඩමවමින් නැටුම් ගැයුම් වැයුම් වලින් යුත් අලංකාර රන්සිවිලි පෙරහර අගෝස්තු 25 දින රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. අගෝස්තු 26 සෙනසුරාදා දින රාත්‍රි අලි ඇතුන් හා උඩරට, පහතරට. සබරගමුව නැටුම් රැගත් දර්ශණීය, රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කෙරෙන අතර මෙම පෙරහරට මාළිගාවේ පෙරහර සමඟ විෂ්ණු, සමන්, කතරගම හා විභීෂණ යන සතර දේවාල පෙරහරද පැවැත්වේ.

අගෝස්තු 27 පෙරවරු කාලයේදි දියකැපීමේ පෙරහර පවත්වා බොරලැස්ගමුව තොටුපලේදී දියකැපීමේ මංගල්‍යය සිදුකිරීමෙන් පසු දේව දානය පිරිනැමේ. ඉන් පසු විහාරස්ථානයෙහි දී දේව දානය පිරිනැමීමෙන් පසු සන්ධ්‍යා යාමයේදී ගරා යක් ශාන්ති කර්මය පවත්වා ඇසළ පුණ්‍යෙීත්සවය සාර්ථක කරගැනීමට සහාය වූ සැමට ආශිර්වාද කරමින් මෙවර ඇසළ පුණ්‍යෙීත්සවයේ කටයුතු නිමාවට පත්වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]