Print this Article


වීදියගොඩ රජමහා විහාරයේදී විශේෂිත උළෙලක්

වීදියගොඩ රජමහා විහාරයේදී විශේෂිත උළෙලක්

ජාත්‍යන්තර නිචිරෙන් ෂූ බෞද්ධ සංගමයේ කොළඹ ශාඛාවෙන් විශේෂිත උත්සවයක් වීදියගොඩ රජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

එහිදී හොරණ තක්ෂිලා විද්‍යාලයේ සහ වීදියගොඩ ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට පාසල් පොත් පත් මෙන්ම අධ්‍යාපනික උපකරණ බෙදා දීමද, වීදියගොඩ රජමහා විහාරයේ දහම් පාසලට පරිගණක ප්‍රදානයක්ද , වීදියගොඩ වැඩිහිටි සංගම් දෙකකට සිල් රෙදි සහ එක් වැඩිහිටි සංගමයකට ගෑස් ලිපක් බැගින් ප්‍රදානය කෙරිණි.

මෙම උත්සවයට වීදියගොඩ රජමහා විහාරයේ විහාරාධිපති වල්ගම ධම්මින්ද හිමි , වීදියගොඩ විජිතාලෝක හිමි,ජපානායේ මිනෝබුසන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිවා හිමි, සිංගප්පූරුවේ නිචිරෙන් ෂූ බෞද්ධ විහාරයේ විහාරාධිපති කෙන්ජි ඔශිමා හිමි, නිච්රෙන් ෂූ බෞද්ධ සංගමයේ දකුණු ආසියාතික ප්‍රධානී එර්විනා මියෝෆු මෑණියන් වහන්සේ, බණ්ඩාරගම ලංකා බැංකුවේ නියෝජ්‍ය කළමනාකාරතුමිය, හොරණ තක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු නිච්රෙන් ෂූ බෞද්ධ සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති ගැමුණු රණසූර මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.