Print this Article


මාකන්දන සංකල්ප විහාරයේ දින 100 පින්කම් මාලාවක්

මාකන්දන සංකල්ප විහාරයේ දින 100 පින්කම් මාලාවක්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී දින 100 පින්කම් මාලාවක් ජූලි මස 08 වන දින ආරම්භ වේ. ඇසළ පුර පසළොස්වක පෝදා පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව සමගින් එම පින්කම් මාලාව ආරම්භ වන අතර පෙරවරු 6.00 සිල් වැඩසටහන ඇරඹේ. එම සිල් වැඩසටහනට ගොම්බද්දල දමිත හිමි, මග්ගොන අතුල හිමි, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි, කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි.පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විමල් හේවාමානගේ මහතාගේ ගිහි දේශනයද ඇතුළත් වේ. සවස 6.00 වස් ආරාධනා මහා පින්කම දායක සභාවේ සභාපති සී.

නිශ්ශංක මහතාගේ සහ අනෝජා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. රාත්‍රී 7 ට දින සියයක අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධිපූජාව ආරම්භ වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව සංකල්ප දහම් පාසල සංකල්ප යෞවන සමාජය සහ සංකල්ප කුලඟන සමිතිය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.