Print this Article


මාදොළ ශ්‍රී මෙත්තාරාමය

මාදොළ ශ්‍රී මෙත්තාරාමය


විහාරාධිපති ශාස්ත්‍රපති පරණගම ධම්මානන්ද හිමි

අවිස්සාවේල්ල, මාදොළ ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානය සිරිපා කඳුවැටියේ පහස ලබමින් ඉදිවී ඇති මනරම් බෞද්ධ මධ්‍යස්ථානයකි. අවිස්සාවේල්ල නගරයේ සිට රත්නපුර මාර්ගයේ කොළඹ,රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික් තුන මායිම් කර ගනිමින්, ප්‍රදේශවාසීන්ට දහම් සිසිලත්, දරුදැරියන්ට දහම් දැනුමත් ලබාදෙන මෙම පින්බිම හමුවේ.

2002 වර්ෂයේ ඇසළ පොහෝ දින කුඩා බුදුකුටියක් ඉදිකර ආරම්භ කළ මෙම දහම් සෙවන අද වන විට සියලු විහාරාංගයන්ගෙන් මෙන්ම දහම්පාසල් ගොඩනැඟිල්ල , කාර්මික ඥානය ලබාදීමට බහුකාර්ය ගොඩනැගිල්ල ආදියෙන් සමන්විත වී ඇත. එසේම දොළොස් මහේ දැල්වෙන පහන මෙහි පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ ආශිර්වාදයක් එක් කරයි.

මෙම විහාරස්ථානයේ ආරම්භක ස්වාමීන් වහන්සේ වූ ශාස්ත්‍රපති පරණගම ධම්මින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම ඉරුදිනකම පැවැත්වෙන දහම් පාසලේ මේ වන විට දරු දැරියන් 200 කට අධික පිරිසක් දහම් දැනුම ලබා ගනිමින් සිටින අතර ගුරුවරුන් 17 දෙනෙකු දහම් දැනුම බෙදාදෙමින් සිටිති. ඒ සැම දෙනෙකු සඳහා දවල් ආහාරය විහාරස්ථානය විසින් සපයා දෙයි. එසේම සෑම පොහෝ දිනකම සියයකට අධික පිරිසක් සිල්සමාදන් වන අතර ඒ සියලු දෙනාටම දානය ලබාදීමත් දීපානි නාලිකා මහත්මියගේ අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත ප්‍රදානය කිරීමත් සෑම පොහොය දිනකම සිදු කෙරේ.

මේ අයුරින් දිනෙන් දින දියුණුවට පත්වෙමින් ප්‍රදේශයට දහම් සිසිලස ලබා දෙන මෙම විහාරස්ථානයේ විහාර කර්මාන්ත චෛත්‍යය ඇතුළු සියලු දේ මෙම වර්ෂය තුළ සම්පූර්ණ කර සැමට ශාන්තිය උදාකරලීමට විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාවේ ඒකායන ප්‍රාර්ථනය වේ. එම ප්‍රාර්ථනය සඵල වේවායැයි අපිද සුභාෂිංසනය පුද කරමු.
 


ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානය


දොලොස්මහේ පහන