UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් වෙසක් උළෙලින් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යා හැකියි - අගමැති

ජගත් වෙසක් උළෙලින් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යා හැකියි - අගමැති

ජාත්‍යන්තර වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් ආගමික සංහිඳියාව ලොවට රැගෙන යාමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ පණිවුඩය ලෝකය වෙත ගෙන යාමට ලැබුණු අවස්ථාව සාර්ථකව ප්‍රයෝජනයට ගත යුතු බවත්, වෙසක් උත්සවය සඳහා බෞද්ධ නොවන අයගේ දායකත්වයත් ඉතා වැදගත් බවත් අගමැතිවරයා කියා සිටියේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු පැමිණීම නිසා සියලු දෙනාම ලංකාව දෙස බලා සිටින බවත් එය සාර්ථක කර ගැනීම සියලු දෙනාගේම වගකීම බවත් අගමැතිතුමා පෙන්වා දුන්නේ ය.

කොළඹ විහාරස්ථාන සඳහා මූල්‍ය ආධාර පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා (24) පැවැති උත්සවයකට එක්වෙමින් එසේ කී අගමැතිවරයා ජාත්‍යන්තර වෙසක් උත්සවය සාර්ථක කිරීම වෙනුවෙන් සියලු දෙනා දායක විය යුතු බව ද කීය.

ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ විහාරස්ථාන 100 ක් තෝරාගෙන මූල්‍යාධාර පිරිනැමීමෙන් සාර්ථක වෙසක් උළෙලක් පැවැත්වීමට හැකියාව පවතින බවත් වික්‍රමසිංහ මහතා කීය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි, ගලබොඩ ඤාණිස්සර නාහිමි, තීනියාවල පාලිත නාහිමි ඇතුළු මහා සඟරුවන සහ මුදල් ඇමැති රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්, අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව සහභාගි වූහ.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]