Print this Article


ශ්‍රී ලාංකික ජනතාව එකමුතුකමින් ජීවත් කරවීමට ගත් උත්සාහය බොහෝ දෙනා නොදන්නා කරුණක් බ්‍රාහ්මණවත්තේ සිවලී අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී අගමැති කියයි

ශ්‍රී ලාංකික ජනතාව එකමුතුකමින් ජීවත් කරවීමට ගත් උත්සාහය බොහෝ දෙනා නොදන්නා කරුණක් බ්‍රාහ්මණවත්තේ සිවලී අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී අගමැති කියයි

ශ්‍රී ලාංකික ජනතාව එකමුතුකමින් ජීවත් කරවීමට ගත් උත්සාහය බොහෝ දෙනා නොදන්නා කරුණක් යැයි බ්‍රාහ්මණවත්තේ සිවලී අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී අගමැතිතුමා කීය.

ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉකුත් දා (22) කොළඹ කැම්බල්පිටියේ දී සිදු කෙරිණි. බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක ස්වාමීන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාව සහයෝගයෙන් එකමුතුකමෙන් ජීවත් කරවීමට ගත් උත්සාහය සහ කැපකිරීම බොහෝ දෙනා නොදන්නා බවත් උන්වහන්සේ ඒ සියල්ල සිදු කළේ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට නොවන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිතුමා එසේ පැවසුවේ බ්‍රාහ්මණ වත්තේ සීවලි අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදීය. මේ රටේ එකමුතුකම ශ්‍රී ලාංකිකත්වය විවිධ ජාතීන් අතර සහයෝගිතාව ඇති කිරීමට උන්වහන්සේ ක්‍රියා කළ බවත්, ඉකුත් වසර 15 ඇතුළතදී උන්වහන්සේ වැඩි වශයෙන් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව සහ සහයෝගයෙන්, එකමුතුකමෙන් ජීවත් කරවීමටයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ ගත් විශාල උත්සාහය අප දන්නවා. උන්වහන්සේගේ සම්පූර්ණ අවධානය යොමුකර තිබුණේ ඒ සඳහා යැයි ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.


එම ආදාහන පූජෝත්සවයට වැඩම කළ මහ සඟරුවනින් කොටසක්
 


එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් හා සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරත වූ අවස්ථාව.