Print this Article


පුංචි හදට සුවය දෙන්න ව්‍යාපෘතිය සඳහා පා ගමන 14 වැනිදා

පුංචි හදට සුවය දෙන්න ව්‍යාපෘතිය සඳහා පා ගමන 14 වැනිදා

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ව්‍යාපෘතිය විසින් හදවත් රෝගයෙන් පීඩා විඳින ළමා රෝගීින් සුවපත් කිරීම සඳහා LITTLE HEART නමින් සංවිධානයක් පිහිටුවා ඇත.

රිජ්වේ ළමා රෝහලට අනුබද්ධිතව රජයේ අනුග්‍රහය ඇතිව මහල් දහයකින් යුතු අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඒ සඳහා ඉදිකිරීමට යෝජනා වී ඇති අතර, එයට මිලියන දෙදහසක පමණ මුදලක් වැයවන බව කියයි.

එයට ආරම්භයක් ගනිමින් “පුංචි හදට සුවය දෙන්න” තේමාව යටතේ මනුෂ්‍යත්වයේ පා ගමනක් මේ මස 14 වැනිදා තරුණ තරුණියන් දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පා ගමනේදී අත් පත්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමටත්, අරමුදල් රැස්කිරීම සඳහා කැට ව්‍යාපාරයක් පැවැත්වීමටත් තීරණය කර ඇතිබව එයට මාධ්‍ය අනුග්‍රහය සඳහා දායකත්වය දරණ ශ්‍රද්ධා රූපවාහිනිය වෙනුවෙන් අළුදෙණියේ සුබෝධි හිමියෝ දන්වා සිටියි.

රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පවසා සිටියේ හෘදරෝග හා දැඩි සත්කාර ඒකකය මඟින් එම ව්‍යාපෘතිය ආරම්භ කළේ රෝගී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බවයි. එම ගොඩනැගිල්ල ඉදි වූ පසු වසරකට දරුවන් දස දහසකට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ අරමුණයි. එම පා ගමන සඳහා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සහ කලාකරුවන්ද සහභාගී වීමට නියමිතය.