UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ප්‍රතිමාවහන්සේ

අඹතැන්න – හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කර අඹතැන්න කඩමණ්ඩියෙන් හැරී පූජාපිටිය මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කළ විට හපුගොඩ ශ්‍රී සුමනතිස්ස මාවතේ පුදබිම දිස්වේ. පූජනීයත්වයට පත් වූ ඒ පුදබිම මෙයට දශක විස්සකට පමණ ඉහතදී හාරිස්පත්තුව ප්‍රදේශයේ ධර්මධර, විනයධර, මහ පඬිරුවනක් ලෙස වැඩසිට අපවත්වී වදාළ හපුගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමියන් විසින් ඉදිකරන ලද හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයයි. මහනුවර යුගයේ බිතු සිතුවම්වලින්ද, බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් හා දර්ශනීය මකර තොරණකින් යුක්තවූ මෙම විහාර මන්දිරය තුළ පැවැති එම පෞරාණික තත්ත්වය ඒ පරිද්දෙන් ප්‍රතිසංස්කරණය කර අංග සම්පූර්ණ විහාරමන්දිරයක් ලෙස ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීමට වත්මන් විහාරාධිපති, උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙණාධිපති බටුගොඩ සංකිච්චායන නා හිමිපාණන්ට හැකිවිය. මේ සඳහා ඇප කැප වූ නීල් ඉරේෂක කොටුව මහතා මුදලකින් දායකත්වය ලබා දුන් බව විහාරාධිපති සංකිච්චායන හිමියෝ පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරති.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]