Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මියගේ දේහය තැන්පත්කර තිබූ බොරැල්ල පිහිටි නිවසේදී ඉකුත්දා (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු. ජයන්ති සිරිසේන මැතිනියද එම අවස්ථාවට එක්ව සිටියාය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ දේශපාලනඥයකු වූ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දක්වමින්.

ඇල්පිටිය බටුවන්හේන ශ්‍රී විජේවර්ධනාරාමයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ශබ්ද විකාශන යන්ත්‍රයක් පූජා කරන ලදී. එහිදී ආරාමාධිපතිනි කුරුදුගහ සුධර්මා සිල් මාතාව වෙත මන්ත්‍රීවරයා විසින් ශබ්ද විකාශන යන්ත්‍රය පිරිනමනු ලැබූ අවස්ථාව. මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍යාමල් අලහකෝන් මහතාද මෙහි සිටී.
ඇල්පිටිය විශේෂ -ඩී.ජේ. විජේසිංහ