Print this Article


මිලිනා සුමතිපාල පරලොව සැපත්වෙයි

මිලිනා සුමතිපාල පරලොව සැපත්වෙයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනි පරලොව සැපත් මිලිනා සුමතිපාල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී ඉකුත්දා (29) සිදු කැරිණි.

පරලොව සැපත්වන විට ඇය 81 වන වියේ පසු වූ අතර ආගමික හා සාමාජික සේවාවන් රැසක නිරතවු ඒ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු දරුවන් හත්දෙනෙකුගේ මෑණියන් වේ.