UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවිදි දිවියේ තිස් වසරක් සපුරන ගලහ සිරි ශාන්ත හිමි

පැවිදි දිවියේ තිස් වසරක් සපුරන ගලහ සිරි ශාන්ත හිමි

සිය ජීවන ගමන්මඟේ හතළිස් පස්වන දිවියේ පැවිද්දෙන් තිස්වන වසර සපුරන ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම පුරාණ විහාර පිරිවෙනේ විහාරාධිපති ගලහ සිරිශාන්ත හිමියන්ට දීර්ඝායු පතා මෙම මස 21වන දින පින්කම් මාලාවක් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණි. එයට අමරතරව උන්වහන්සේ විසින් ඉටුකරන ලද ශාසනික සේවාව අගයමින් වේළුවනාරාම පිරිවෙනේ ඇති කළ පුනරුදයත් ප්‍රදේශයට, ගමට ඉටුකරන ජාතික ආගමික සමාජීය ඉමහත් සේවාව අගයන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සභික සන්නස් පත්‍ර පිරිනැමීමේ අරමුණින් යටිවර ප්‍රණාම පූජා අභිනන්දන උපහාර (30) උළෙල නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.පහත හේවාහැට ගලහ ගම්මානයේ වයි.ජයවතී මාතාවට හා ටී. පියසේන පියාණන්ට 1971 දෙසැම්බර් 21වනදා සරත් කුමාර පුතණුවන් උපත ලැබීය. මේ පුත්රුවනට පහළොස් වසරක් සපිරෙද්දී 1986 ජනවාරි 31වනදා ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම පිරිවෙනේ විහාරාධිපති කරමඩ අරියතිස්ස නා හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන් යටතේ පැවිදි දිවියට එළඹුනහ.

කාගේත් ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇති ගලහ සිරි ශාන්ත හිමියෝ පැවිදි දිවියේ තිස් වසර සැපිරූහ. වේළුවනාරාම පුරාණ පිරිවෙනේ හිටපු විහාරාධිපති කරමඩ අරියතිස්ස නා හිමියන් හා වේවැල්දෙණිය මේධාලංකාර නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් ශාස්ත්‍රපති පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නා ලදී. 1981 වසරේදී උපසම්පදා දිවියට පා තබා 2007 වසරේදී වේළුවනාරාම විහාරයේ විහාරාධිපති පදවියට පත් විය. තවද මෙම නා හිමියන් වහන්සේ ගෙලිඔය ශ්‍රී විදුහලේ ආචාර්යවරයෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙසද සේවය කරති.

ගලහ ශ්‍රී ශාන්ත හිමියන් විහාරාධිපති ධූරය ලැබූ දා සිටම ස පින්බිමේ සංවර්ධන කටයුතුවලට අඩිතාලම දැමීම ද විශේෂිතය. වසා තිබූ පෙර පාසල, දහම් පාසල ආරම්භ කිරීම, පළාතේ සිසු සිසුවියන්ට දහම් අධ්‍යාපනය ලබාදීම හා සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ගුණ දහම් කියාදීම, වසරකට උත්සව විස්සක් පමණ විහාරස්ථානයේ පැවැත්වීම ආදී කටයුතු රැසක් සිදු කරමින් දහමට ලැදි පිරිසක් රටට දායාද කිරීමට දිවා රෑ ඇප කැප වී සිටිති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උඩ පළාත ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරී තනතුර දරමින් කෙටිකතා , නව කතා, දහම් පොත් පහළොවක් පමණ ලියා පළ කර ඇත.

අඩු ආදායම්ලාභී සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැංවීම සඳහා අතහිත දී ගලහ ශ්‍රී ශාන්ත හිමියන් සිදු කරනු ලබන ශාසනික ආගමික මෙහෙවර උදෙසා උන්වහන්සේට තවත් චිරාත් කාලයක් වැජඹීමට තෙරුවන් බෙලෙන් දීර්ඝායු ලැබේවා!

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]