Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හත්තිනිය මාරවිල එච්. පීටර් පෙරේරා මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. එබැවින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙක් වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. 032-2255427/0768039773


පානදුර ඩබ්.ජේ.පී. සුජිත් ප්‍රනාන්දු නමැති අයගේ පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය බව කියයි. ඒ අනුව ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකතන අංක 0779211255/0766614860


නො. 23/4 හෝකන්ද, හෝකන්දර දකුණ ලිපිනයේ පදිංචි එල්. ඩී. රෝහණ දැනට වකුගඩු ආසාදනයට ලක් වී ඇති බැවින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව එම රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇති බවත් කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවින් එපමණ මුදලක් දැරීමට නොහැකි නිසා මහජන බැංකුව හෝකන්දර ශාඛාවේ අංක 208200100030392 දරන ගිණුමට ආධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. 0719703334 දුරකතන අංකය වේ.