Print this Article


ප්‍රාචීන විභාගයේ උසස් ප්‍රතිඵල විද්‍යෝදය පිරිවෙණින්

ප්‍රාචීන විභාගයේ උසස් ප්‍රතිඵල විද්‍යෝදය පිරිවෙණින්

2016 වර්ෂයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගයන්හි ප්‍රතිඵල පසුගිය දා නිකුත් විය. එම පතිඵලවලට අනුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගෙන ඇත.

ප්‍රාචීන අවසාන විභාගයේ ප්‍රතිඵල අනුව විභාගයට පෙනීසිටි සියලු සිසුන් රාජකීය පණ්ඩිත උපාධිය දිනාගෙන ඇත. එහි දී පින්කන්දේ දමිතසාර හිමියන් විශිෂ්ට සම්මාන 08 ක් සහිතව පණ්ඩිත උපාධිය සමත් වී ඇති අතර, මීට අමතරව මධ්‍යම සහ ප්‍රාරම්භ විභාග සඳහා ඉදිරිපත් වූ බහුතරයක් සිසුන් විශිෂ්ට සම්මාන සහිතව සාමාර්ථය ලබා ඇති බව වාර්තා වේ.