Print this Article


දහම් පාසල් ශ්‍රේණි විභාගය – 2016

දහම් පාසල් ශ්‍රේණි විභාගය – 2016

බුද්ධශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය නොවැම්බර් මස 20 වන දින දිවයිනේ දිස්ත්‍රික්ක 21 දී පැවැත්වේ. මෙම විභාගය සඳහා දහම් පාසල් 9942 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුදුසුකම් ලබා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි.

විභාග මධ්‍යස්ථාන 3972 දී පවත්වනු ලබන මෙම දහම් පාසල් ශ්‍රේණි විභාගයට දහම් පාසල් දරු දැරියන් 914787 ක් සහභාගි වෙති. ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරි , සභාපති ස්වාමින් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් මෙම කාර්යය ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කොට පවත්වනු ලැබේ