කයක් ඇති සැමට
ගමනට සිටීමට හිඳුමට සයනයට
සන්දිස්ථානයන් පෙර පසු නැවීමට
හැකිවන පරිදි සිරුරේ හැඩ මැවීමට
දිය හැකි පදය “චලනය” වෙයි සැබෑවට
ආයුෂ , විඥාන, උණුසුම නැති දිනෙක
ඉදිමෙයි මෙකය නිල්වෙයි මහ පිළිකුලෙක
සුන්වූ නිසා මෙතුවක් වු ලැදි බවෙක
නෑයන් හැර දමයි නොසිතුව සුසානෙක
සම්බුදු වදන් කණවැකි නුවණැති මහණ
”අසුබය” දකී මෙම “කුණපයෙ” ඇති සැටින
විදසුන් වඩා කය පිරිසිඳ දැක සොඳින
ආලය හැර දමයි කුණු කය වෙත තිබුණ
නිති වැගිරෙන ගලන අපවිත දෑ පිරුණු
මේ කුණු සිරුර අනුවණ දන නිති පතනු
දැක “ මළ, නොමළ. කය ඇති සැටියෙන් දකිනු
එද යම් සේ ද මෙය හා සම බව සිතනු
මෙවැනි වූ සිරුර සරසා ගෙන සුවඳ කවා
මෙරමා පහත් කර සළකයි තමා හුවා
අරි මඟ නොදත්තෙන් සසරෙත් පමා වුවා
දැන්වත් පතමු “ අම නිවනෙහි” රසය සුවා
සුනිල් විජේසිංහ
ගල්කිස්ස
යළිත් වඩිනු මැන
වැනසී යන ලොව නිති පුබුදන්නට
බුදු හිමියනි ඔබ යළිත් වඩිනු මැන
ඉවසීමක් නැති බිහිසුණු හඬ මැද
ඔබෙ සුමදුර හඬ යළි පතුරනු මැන
සැනසීමක් දෙන බුදු බණ පදයක්
අනුකම්පාවෙන් අපට දෙසනු මැන
සැනසී ඉන්නම් නිවන් දකින තුරු
කෙලෙස් නසාලා සතුටින් දින දින
දෙහිවල සරණංකර පාරේ
අසුන්තා අමරසේකර
දූත ගමන
අනුලා බිසව අඟනුන් පන්සියක් ගෙන
පිවිසියෙ මිහිඳුහිමි වෙත සුව ගමන කින
නැමදා දෙපා පියුමන් බැතිබරව මන
පැවසී ආ කරුණ කරුණා උවන් දැන
අනුලාවනි, සැවොම දැන් සන්සුන් වන්න
පින්වත් අයැදුමකි ලැබුණෙ දැන ගන්න
සිරිලක මෙහෙණි සසුනක් ඇති කර ලන්න
ගත් පියවරට තුති එනමුදු ඉවසන්න
ඇමැතිය අරිටු දෙසවන් යොමුකර ලන්න
පිරිවර සමග දම්සෝ රජුවෙත යන්න
සඟමිත් තෙරණි අනුරාපුර කැඳ වන්න
සැලකළ මිහිඳු මෙපුවත රජුහට දෙන්න
රජිඳුනි දෙවන පෑතිස් පිරිවර රැගෙන
දම්සෝ රජිඳු වෙත ය ම් කී දේ හැඳින
වප් පෝ දින ගමන සරුවේවා මගෙන
සඟමිත් වඩමවාගෙන එමි පෙළහරින
වතුපිටිවල
සිරි විල්සන්
අයං වසසාන කාලො
මගේ සම්බුදු පියා තුන්ලොවේ ගුරු වුණ
දෙසීමට දහම්සක් බරණැසට සපැමිණ
ඇසළ මස පුන්පෝය පසු උදා වුණ දින
ඉසිපතනෙදිම පළමු වස් විසුම සිදු විණ
වස් කාලෙ ගෙවෙන තුරු එකතැනක විසුමට
විය සික පැනෙව්වා මහිමි මහ සඟනට
රුකරන අය උතුම් බුදු වදනට
අකුරටම රකිනවා බිය ඇතිව සසරට
සැදැහැතියො එකතු වී පිරිනමයි සිව් පස
බෝධි පූජා මෙන්ම බෙදයි සදහම් රස
වෙන දිනට වඩා ප්‍රතිපත්ති හා ආමිස
විවිධ පින්කම් වලින් පිරී ඇත සිව්මස
සැරිසරා උපහාර පෙරහරද ගමවට
සිවුරු පූජා කරයි බැතිබරව සඟනට
පවසතොත් අනුසස්ද ඉතාමත් කෙටිකොට
කඨිනයයි කියනුයේ කෙටි මගයි නිවනට
අම්බලන්වත්තේ
ආනන්ද පියතිලක ගුරුගේ
අටකලන්පන්න
නිවන් මඟ
මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමන
මේ භවයෙදී හොඳ හැටි වැටහිනි නිවන
නැවත වරක් ආපසු යෑමට නොවන
නිවන් මගේ ඉදිරියටම යමු නිතින
පාලිත බණ්ඩාර ජයකොඩි
කෑගල්ල
උණවටුන
ශ්‍රී බෝධිරාජ දහම් පාසල
ආ මග දුරයි , යා යුතු මග ඉම නොපෙනේ
යුග යුග බැඳුණු මෙහෙවර අමිලයි අගනේ
සැට වසරකට පෙර ආ මග දැක තුටිනේ
කිවියර බසින් ගයනෙමි ඔබ ගුණ වරුණේ
පැහැසර මන නුවන් මෙත් සිසිලෙන් නහවා
නැණසර ගුණෙන් පිරි බොදු පැටවුන් තනවා
පින්සර බිමක දම් පාසල ඉදි කරවා
දම්සර දැයක් ගොඩ නැඟුමට මුල පිරුවා
සැමරුම් මතකයේ එකි, නෙක පිටු අතර
නැණසර ගුණෙන් පිරි බොදු පැටවුන් තනවා
පින්සර බිමක දම් පාසල ඉදි කරවා
දම්සර දැයක් ගොඩ නැඟුමට මුල පිරුවා
ඉගිලී ගොසින් කාලය වාලුකා තලේ
පාසල මව්නි, බොදු දම් තක්සලා කුලේ
සැටවිය තූමුල මෙහෙවර සමරනා වෙලේ
ආසිරි පැතුම් විසිරෙයි උඩු ගුවන් තලේ
සදහම් සිසිල සුවහස් කල් සුරැකේවා
මනු ගුණ දමින් පිවිතුරු සිත් නැහැවේවා
විකසිත බොදු මලින් දැය සුවපත් වේවා
දිගුකල් යෙහෙන් දම් පාසල සැරදේවා
ආචාරිනී,
එම්. එම් . එස් විමලවීර
සීලයේ අගය
බව සසර පිණ්ඩය
දිවිය මෙහෙයන දණ්ඩය
නොහැක දිරවණ්ඩය
අවැසි තෙරුවන සරණ යණ්ඩය
දිනා පතා තෙරුවන
විඳිමු විලසට ගරුවන
සියලු දොස දුරුවන
නියති ලබනට හැකිය නිරුවන
බව ගමන පොදිය
පවෙන් තර කොට මදිය
නොවන ලෙස හදිය
ජය ගනිමු අපි සසර නදිය
දෑත ගෙන හිසට
සිත යොමනු අම බසට
සිල් වතුන් ලෙසට
කරමු පින්කම් අහස උසට
මහනුවර
තල්වත්තේ දිසානායක
පැතුම් මල්
මතු භවයේදීත්
මගේම මව් වේවයි
මගේම පිය වේවායි
සසර බැඳුමක් නොපතමි
තවත්
එකම එක් වතාවක් හෝ
භව කතර නොඉපිද
මේ භවයේදීම
පවිසෙනු මැනවි අරහත් මඟට
මගේ ගරු මෑණියනි
මගේ ගරු පියාණෙනි
කෑගල්ල
කංකීරියේ පියල්
කුසලෙහි යෙදෙමු
වස් තුන් මාසයේ පන්සල වෙතට ගමේ
රැස් වී දනන් පින්කම්වල යෙදෙන සමේ
අස් වැසුමක් ලබන කුසලින් පිරුණු ලැමේ
පස් පව් තුරන් වී සුමගට සිරස නැමේ
පුරවා හදවතේ මෙත් කරුණා ගුණය
සුරකින හැම විටම ජීවිතයෙහි විනය
සුරලො දැකීමට රැස් කළ යුතු පිණිස
අරමුණු සිත් දරා ඇසුවේ බුදු බණය
හොඳ වැඩ කරන හොඳ අරමුණු සිතෙහි දරා
සදහම් මාවතට පිවිසුන සසර පුරා
සිඳ බිඳ කෙලෙස් බැමි පව් සිත දෙකට ඉරා
සුදනන් පිවිසුනහ සුන්දර නිවන කරා
මිහි මත මල් පිපුනෙ බුදුහිමි පුදන්නයි
සිහි නුවණින් යුතුව කුසලෙහි යෙදෙන්නයි
විහිදා ගුණ සුවඳ සෙත් සිරි සදන්නයි
දහිරිය වැඩිය යුතු සසරින් මිදෙන්නයි
දෙදියවල
අමරදාස පෙරේරා |