UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

78/4 ඒ වීර මාවත , බෝකුන්දර පදිංචි අවුරුදු 16 වයසැති ඒ.පී. නුවණි දිනේෂ්කා දියණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ” හෝ “බී” පොසිටිව් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0722721345 දුරකතන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

****

නො. 227/4ඒ නිර්මාන මාවත, නාවල පාර නුගේගොඩ පදිංචි කේ. ජී. කුමාරසිරි මහතා අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හදිසි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් කළ යුතු බව වෛද්‍ය මතයයි. ‘ඒ’ පොසිටිව් ‘ඒ’ හෝ ‘ඕ’ ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0771854856 දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලා සිටී.

****

මීගමුව, පල්ලිය පටුමග 93/18 හි පදිංචි එම්.එම්. හමිසා මහතාට ‘ඒ හෝ ඕ වර්ගයේ’ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙක් වෙතොත් එය ලබා දීමට පරිත්‍යාශීලියෙකු වෙතොත් 077 3093781 මොහොමඩ්ගෙන් විමසන්නැයි ද ඉල්ලීමක් කෙරේ.

****

වැලිවේරිය, ඇඹරළුව (උතුර) නො. 35/3 ලිපිනයේ පදිංචි යුදහමුදා නිලධාරියකට (විශ්‍රාමික) වකුගඩු රෝගයක් වැළදී ඇති අතර ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වන අතර පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. දුක.077 00 99804 ලේ වර්ගය “බී පොසිටිව්” හෝ “බී නෙගටිව් හෝ ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” විය යුතු බවද කියයි.

****

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරී මහතෙකුගේ එකම පුතා වන ඩබ්ලිව්.ඩී.එස්.ඩී. පීරිස් (අවු 30) ගේ වකුගඩු දෙකම අක්‍රිය වීම හේතු කොට ගෙන දැනට රුධිර කාන්දුකරණය කරනු ලබන අතර ‘ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. පිනට කැමති හිමිනමක්, පූජක වරයෙක් සැදැහැවතෙක් හෝ සැදැහැවතියක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ නම් ඉතා මැනවයි දැනුම් දෙයි. දුරකථන අංකය – 071 44 72 338

****

පානදුර නාරම්පිටිය පිරිවෙන පාර පුඤ්ඤානන්ද මාවතේ නො. 17/6, පදිංචි ජී.එල්. සුජීව පීරිස් මහතා සුරාවෙන් සහ දුම්පානයෙන් තොර සිවිල් ඉංජිනේරුවකු වන 50 වියැති දෙදරු පියකු වන අතර ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනෙවිරත්න මහත්මිය විසින් නිර්දේශ කර ඇතැයිද “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. 07777 32417, 071 8152232

****

මිනුවන්ගොඩ වැල්හේනේ අංක 33/2 දරණ නිවසේ පදිංචි පී.එච්.පියදාස වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියි. මොහුට වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය උපදෙස් අනුව “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇත. මේ සඳහා වකුගඩුවක් ලබාදීමට කැමති අයකු පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. 011 2296877, 077 0711520

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]