UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-9.00 ධර්මානුශාසනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 09.00-10.00 ධර්මානුශාසනාව –ආචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 10.00-11.00 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි,

පස්වරු 12.30-01.30 සෙත්පිරිත් ශාස්ත්‍රවේදි කඹුරුගමුවේ මහානාග හිමි, 01.30-02.30 ධර්ම සාකච්ඡාව ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-05.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කුඹුක්කඩවල නීලගිරි ආරණ්‍යවාසි කම්මට්ඨානාචාර්ය කැලණියේ සිද්ධත්ත හිමි, 05.00-6.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛාරාරාම මහා විහාරස්ථානයේ බිනර, පුරපසළොස්වක පොහෝදා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00-6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 -9.00 භාවනාව, ශ්‍රී ජයශේඛාරා රාමවාසී, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනාව ශ්‍රී ජයශේඛාරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30-11 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15-12.45 සෙත්පිරිත් දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි ස්වාමින් වහන්සේලා පස්වරු 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 දක්වා ධර්ම දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි, තලල්ලේ ධම්මදේව හිමි, 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30-5.30 ධර්ම දේශනය, ශී‍්‍ර ජයශේඛරා රාමවාසි සෙවනගල අජිත හිමි, ප.ව. 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි. සවස ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රි 8.00 -9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


තෙලවල විජයරූපාරාම ධර්මායතනය බිනර පුර පොහෝදින වැඩසටහන

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන මෙසේය.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර 6.00-7.00 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්මා සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නාහිමි, 8.00-8.30 ධර්ම දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.30-9.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 9.30-10.30 ජාතක කථා දේශනය, දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00-12.00 දවල් සම්බුද්ධ පූජාව, දම්පහළ ඤාණසුධීර හිමි

පස්වරු 12.30-2.00 බිනර පොහොය පිළිබඳ විශේෂ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.00-3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 3.00-4.00 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව 4.00-4.30 ධර්ම දේශනය, ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 4.30-5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව , ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 ට සිල් පවාරණය සිදු කිරීම, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 6.30-7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව ධර්මයතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි.

ප.ව. 12.15 ට – ‘බුදුසරණ පුවත්පත’ බෙදාදීම දායකත්වය බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


තලවතුගොඩ –සංඝමිත්තරාමය

තලවතුගොඩ ,වැලිපාර, සංඝමිත්තාරාමයේදි බිනර පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00- පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.’ පෙරවරු 8.00 සිට 9.00 දහම් දෙසුම කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.00-10.00 දහම් දෙසුම ශාස්ත්‍රවේදී උලහිටියාවේ විභාවි හිමි, 10.00-11.00 භාවනා වැඩසටහන මෙහෙයවීම උඩහමුල්ලේ තාදි දසසිල් මෑණියන් විසිනි. 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 –පස්වරු 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 දහම් දෙසුම කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසි දිගන සුගතවංශ හිමි 2.00 -3.00 දහම් දෙසුම බදුල්ලේ අරියදස්සනා මෑණියන් විසිනි. 3.00- 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසි අතුරුගිරියේ ධම්මවිහාරී හිමි. 6.00 ට විසිතුරු මල් , පහන්, ගිලන්පස ,අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඇරැව්වල තිසරණ දසසිල් මාතාව විසිනි. සුපුරුදු පරිදි මෙම බිනර පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ සාදර අනුග්‍රහයෙනි.


කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් විහාරය

පෝදා පෙරවරු 6.30-7.45 සීල සමාදානය, , කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව, විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි, 8.15-10.15 භාවනාව මෙහෙයවීම විශ්‍රාමික නිමල් රාජපක්ෂ මහතා 11.00 දහවල් සම්බුද්ධ පූජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව, තුන් සූත්‍ර දේශනාව සියලුම සිල් පිරිස, පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙවවීම – විශ්‍රාමික අධ්‍යාපන නිලධාරි චරිත වික්‍රමසිංහ මහතා ප.ව. 4.00 විශේෂ ධර්මානුශාසනාව ප.ව. 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි.


දඹදිව වන්දනාවේදී විශේෂ පින්කම් රැසක්

මහරගම වත්තේගෙදර පාර නො. 52 විදීශා ට්‍රැවල්ස් ආයතනය මගින් දඹදිව වන්දනා විශේෂ චාරිකාවක් නොවැම්බර් 19 වන දා සිට දෙසැම්බර් 02 වනදා දක්වා පැවැත්වෙන බව එම ආයතනය කියයි.

නොවැම්බර් 20 වනදා දඹදිව ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිට විශේෂ ආගමික වතාවත් ඇතුළු විද්වත් මණ්ඩලයක් මගින් විශේෂ දහම් සාකච්ඡාවක්ද සජීවිව සිදු කෙරෙන බවද කියයි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම සමරුව සහ මහා බෝධි සංගමයේ සංවත්සරයද නිමිත්තෙන් ධර්මපාල ගුණ සමරු වැඩසටහනක්ද බරණැස දී නොවැම්බර් 22 වනදා පැවැත්වේ.

දඹදිව අසිරිමත් පුදබිමේ දී විවිධ පින්කම් රැසක් එම වන්දනා චාරිකාවේ දී දිනපතා සිදු කිරීමටද කටයුතු යොදා ඇති බවද කියයි.


ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය නිමිත්තෙන් දේශන

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය සමාජගත කිරීම සඳහා දේශන 152 ක් දීප ව්‍යාප්තව පැවැත්වීමට අනගාරික ධර්මපාල දේශන පුහුණු ව්‍යාපෘතිය මගින් කටයුතු සූදානම් කර ඇත. මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ මෙම දේශන මාලාව පවත්වනු ලබයි. නොමිලයේ පවත්වනු ලබන මෙම දේශනමාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ හෝ දහම් පාසලේ පැවැත්වීමට අදහස් කරන්නේනම් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, උල්ලින්දුවාවේ විනයධම්ම හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව ඕපනායක ධම්මවිරාග හිමි, පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, 01.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව පානදුර පරත්ත චිත්තවිවේකාරාමාධිපති ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනය බම්බලපිටිය වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි. 4.00 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව අතුරුගිරිය අබේවීර ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටගම්මුල්ලේ සරණතිස්ස හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින, දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ බිනර පුන් පොහොය වැඩසටහන පෝදා දවස පුරා මහා විහාරයේ ජය ශී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසි ශාස්ත්‍රවේදී කුඩාඇගමුවේ ඥානසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 06.00 අටසිල් සමාදන් වීම, 06.30 උදෑසන බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව 01 මාතෘකාව “භය භේරව සූත්‍රය” දේශකයාණෝ විශේෂ ශාස්ත්‍රවේදී මැදමහනුවර ධම්මසිරි හිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ගැටළු සාකච්ඡා කිරීම 09.15 ගිහි දේශනය, මාතෘකාව “කර්මය කර්මඵලය සහ භවගමන’ දේශක :– නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න මැතිතුමා .10.15 දේශනයට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දවල් බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව, භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව, 02 මාතෘකාව ධම්මපදයේ ජරා වග්ගයෙහි එන “පස්ස චිත්තකතං බිම්බං” ගාථාව දේශකයාණෝ කම්මට්ඨාචාර්ය කොළඹිස්සේ විමුක්තිරතන හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, මාතෘකාව කුසල සහ අකුසල් සහභාගිත්වය පණ්ඩිත වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා සහ ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මැතිතුමා. 04.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධිපූජාව මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය 06.00 නිමාව.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී බිනර පෝදා දවස පුරා ආගමික වැඩසටහන් පැවැත්වේ.

පස්වරු 6.15 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි. 7.30-11.15 දහම් දෙසුම මාරඹේ කුසලධම්ම හිමි. පස්වරු 1-3 දහම් දෙසුම යගිරල විමලහිමි. 3.15-4.30 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි. 4.45-6 දහම් දෙසුම ගල්කිස්සේ සෝමානන්ද හිමි. 7.15-8 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත් වූ බෝධි පූජාව (පටි ගත කළ එකකි) 8.15-9 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම, සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 වෙසෙසි දෙසුම මෙහෙයවීම :– දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 9.30- ධර්ම දේශනය විදුරපොල ආනන්ද හිමි ,11.30 දවල් සම්බුද්ධ පූජාව පොල්වත්තේ ධම්මවිසුද්ධි හිමි,

පස්වරු 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස 1.15 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම, 2.00 දහම් කතිකාවත මෙහෙයවීම :– සෝමා කුමාරිහාමි මහත්මිය. 3.00 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, රම්මලේ අරියවිසුද්ධී හිමි 6.30 අටවිසි බුද්ධ වන්දනාව මෙහෙයවීම :– රම්මලේ අරියවිසුද්ධි හිමි සමග ධර්මයතනවාසී සඟරුවන

මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ :– ජයතිස්ස කොඩිතුවක්කු මහතා.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදී බිනර පෝදා පින්කම් රැසක් සිදුකිරීමට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානයකර ඇත.

මෙදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පුජාව ශබ්ද පූජාව මධ්‍යයේ වැඩම කරවන ෂඩ්වර්ණ සාටකය චෛත්‍යයේ පැළදවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේදී පවත්වන අතර භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට පැමිණ මල් පහන් ගිලන් පස පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි අෂ්ඨඵල බෝධි තේවාව භාර තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව අබියස දානශාලාවේ පෝදා බත් දන්සැල පැවැත්වෙන අතර කතරගම සමථ මණ්ඩලයේ ඔසුපැන් දන්සැලද පැවැත්වේ. පහන් පන්දහසක (5000) පහන් පූජාව කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පැවැත්වෙන අතර රාත්‍රී 7.00 ට අටවිසි බෝ මලුවේ අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවක්ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත කරුණාතිලක මහතා, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය කතරගම බෞද්ධ සංගමය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය, අනුශාසනාව සහ බුද්ධ පූජාව, මීතලාවේ විනීත නාහිමි, 8.00-9.00 ධර්ම දේශනාව මීතලාවේ විනීත නාහිමි 9.30-10.50 ධර්ම දේශනාව ගුරුදෙණියේ ධම්මිකෝවිද නාහිමි. පස්වරු 12.30-1.00 පිරිත් සූත්‍ර දේශනා 1.00-2.30 ගිහිදේශනය වෛද්‍ය කුමුදු කුරුප්පු මයා, 3.00-4.30 ධර්ම සාකච්ඡාව දිගන සුගතවංශ නාහිමි. සැප්තැම්බර් 17 සෙනසුරදා පෙරවරු 5.00 පෙරවරු 7.00 සතුන් නිදහස් කිරීම


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෙරවරු 6-7 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8-9 භාවනාව රත්මලානේ විජිත හිමි, 9-10 ධර්මදේශනාව රත්මලානේ විජිත හිමි, 10-11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25-12.30 වශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ,12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕපනායක ධම්මවිරාග හිමි, 1-2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2-3 වෙසෙසි දෙසුම – කේ.එම්. අයි ස්වර්ණසිංහ මහතා, 3-4 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදි හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.15-5.00 ධම්මපදය බියගම ධම්මජීවන හිමි, 5-6 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිිමි, 6-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


හුණුපිටිය ශි‍්‍ර විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බිනර පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

පෝදා පෙරවරු 6- 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි, 6.30-7 උදෑසන බුද්ධ පූජාව 8-9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 9-10 දහම් දෙසුම මාදෝවිට වජිරබුද්ධ් හිමි. 10-11 ධම්ම පදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි. 11-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරවාසි ගොඩපොල නන්ද හිමි. පස්වරු 12.15-2 සීල භාවනා සමිතිය 2-3 විශේෂඥ වෛද්‍ය දේශනය 3-4 ධර්ම දේශනාව, රත්කරව්වේ පේමානන්ද හිමි 4-5 ධර්ම සාකච්ඡාව 5-6 භාවනා වැඩසටහන මෙහෙයවීම ශි‍්‍ර කල්‍යාණි උභයරාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි. 6-7 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණී රාජ මහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 7-8 දහම් දෙසුම හල්මිල්ලෑවේ ධම්මජෝති හිමි.


බත්තරමුල්ල සිර සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6-7 සීල සමාදානය,අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7-7.30 තෙරුවන් ගුණ වන්දනාව, 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10-11 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 -11.30 තෙරුවන් ගුණ වන්දනාව

පස්වරුව 12.30-1 සූත්‍ර සජ්ඣායනාව 1-2 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කන්දේගම දීපවංශාලංකාර හිමි, 2-3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස මාහිමි, 4 -5 දම්දෙසුම - ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි. 5-6 ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7 අටවිසි බුද්ධ වන්දනාව


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

පෝදා පෙරවරු 6-7 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව පි‍්‍රම්රෝස් උයන වජිරාරාමාධිකාරි අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 7-7.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව ,8.15-8.30 ධර්ම පුස්තක පිළිගැන්වීම , 8.30-09.30 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය මැණික්හින්නේ ධම්මානුසාරි හිමි, 9.30-10.45 භාවනාව සහ අනුශාසනාව මෙහෙයවීම උඩවත්තකැලේ ආරණ්‍ය සේනාසනාධිකාරි මාතර සමිතධම්ම හිමි, 10.45-11.15 දහවල බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව

පස්වරු 12.30- 01 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව පණ්ඩිත තඹලගමුවේ විසුද්ධි හිමි, මිල්ලැත්තෑවේ මේධානන්ද හිමි ,මැද්දේවෙල සෝමරංසි හිමි, 1-1.30 ධම්මපදය (දහම්පද විවරණය) හෝමාගම රාහුලධම්ම හමි, 1.30-03.00 විශේෂ ගිහි දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කැළුම් සෞමසිරි මහතා 03.30-04.45 සූත්‍ර සාකච්ඡාව (සූත්‍ර විවරණය) මෙහෙයවීම සිරි වජිරඤාණ ධර්මායතනයේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත තෙල්දෙණියේ කුසලඤාණ හිමි. 4.45-05.15 ගිලන්පස පූජාව, පුණ්‍යානුමෝදනාව හා සිල් පවාරණය.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් ‘බිනර’ පුර පසලොස්වක පොහෝ දින දවස පුර පින්කම් සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන 9.15 ධර්ම දේශනාව, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1.15 දහම් දෙසුම - වැලිමඩ ධම්මරතන හිමි, 2.15 ධර්ම දේශනය ශාස්ත්‍රපති කොටියාගල සීවලී හිමි, 4.00 ධර්ම දේශනාව 5.30 බෝධි පූජාව, 6.30 සිල් පවාරණය .

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]