UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සැමරීමේ උත්සවය මෙරටදී

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සැමරීමේ උත්සවය මෙරටදී

එක්සත් ජාතීන්ගේ 14 වෙනි වෙසක් දිනය 2017 වසරේදී උත්කර්ෂවත් අන්දමින් මෙරටදී පැවැත්වීමට රජය සූදානම් වන අතර ඒ සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 12 වෙනි දින පස්වරු 6.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට විශේෂ සැලැස්මක් පිළියෙළ කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය ශ්‍රී ලංකාවේ සැමරීමේ වැඩසටහන සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම හා පෞද්ගලික අංශද, ඇතුළු ආයතන ගණනාවක සහයෝගයෙන් සංවිධානය කරන අතර මේ සඳහා ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව ප්‍රථම වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 12 වෙනි දින පස්වරු 6.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු වී මෙම වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වූ බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ නිර්මල ථේරවාදී බුදුදහම ආරක්ෂා කර බුදුදහම අදහන ලෝකයේ අනෙකුත් රටවලට ථේරවාදී බුදුදහමේ පණිවිඩය රැගෙන යමින් බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව අතීතයේ සිට ලබාදුන් නායකත්වය ආරක්ෂා කරමින් ලෝකයේ ප්‍රථම වරට ලෝක බෞද්ධ මහා සම්මේලනයක් බිහි කිරීම දක්වා පරිවර්තනය කරමින් 1950 වසරේදී මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ පුරෝගාමීත්වයෙන් 1950 මැයි මස 26 වෙනි දින සිට ජූනි මස 06 වෙනි දින දක්වා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් වන අතර එම නායකත්වය රැකගනිමින් ලෝක බෞද්ධ මහ සම්මේලනයේ ආරම්භක සභාපතිත්වය ගුණපාල මලලසේකර මැතිතුමන් දශකයට ආසන්න කාලයක් දැරීම ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිරූපය ජාත්‍යන්තර අවධානය යොමු වූ විශේෂ අවස්ථාවක් විය.

1972 මැයි මස 26 වෙනි දින කොළඹ පැවැත් වූ 25 වෙනි ලෝක බෞද්ධ මහා සම්මේලනය හා 2010 ශ්‍රී ලංකාවේ පැවැත්වූ ලෝක බෞද්ධ මහ සම්මේලනයද අතිශයින්ම වැදගත් වූ අතර, එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ලද යෝජනාවට අනුව වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කර ලෝක බෞද්ධ නායකයන්ගේ සහභාගීත්වයෙන් පුරා වසර 13 ක් තායිලන්තය ඇතුළු බෞද්ධ රටවල් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය අතිඋත්කර්ෂවත් ලෙස සමරා ඇත.

එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය වසර 2017 දී ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙවර තායිලන්තයේ පැවැත් වූ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද නිල ඉල්ලීමකට අනුව වසර 2017 දී ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමේ නිල සත්කාරක රට වශයෙන් පිළිගෙන එහි සංවිධායක කටයුතු ශ්‍රී ලංකාවට භාර දී ඇති අතර ඒ අනුව මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට විශේෂ වැඩසටහනක් දියත් කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

මෙම ජාත්‍යන්තර උත්සවයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුවට අමතරව උප කමිටු ගණනාවක් පත් කෙරෙන අතර බෞද්ධ උපදේශ හා අධ්‍යාපන අනුකමිටුව, ජනාමාධ්‍ය අනුකමිටුව, සංවිධායක ප්‍රචාරක අනුකමිටුව, මූල්‍ය පරිපාලන අනුකමිටුව, සංවිධාන මෙහෙයුම් අනුකමිටුව ඇතුළු අනුකමිටු ගණනාවක් පත් කෙරෙන අතර මෙම කටයුතු සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයක්ද පිහිටුවීමට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]