UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමා කළ පව් තමාටම පළ දෙයි

තමා කළ පව් තමාටම පළ දෙයි

"කර්මය සහ විපාක කියන ප්‍රකාශනයේදීත් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන ප්‍රකාශනයේදීත් ප්‍රතික්‍රියා වශයෙන් අපට ලැබෙන්නේ අපම කළ ක්‍රියාවන්මයි. ධර්මානුකූලව ජීවත් වුණත් අප බොහෝ පින් කළත් ප්‍රශ්න ගැටළු නිසා බොහෝ දුකසේ ජීවත් වන මිනිසුන් බවට ප්‍රකාශ කළත් සංසන්දනය කර බලන විට අප කෙතරමි පින් ඇතිව ඉපදුන පිරිස්ද කියා සිතෙනවා"

ගෞරවනීය ස්වාමීන්වහන්ස, සෑම පුද්ගලයෙක්ම කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය ඥාතිකොට ඇත්තේය. කර්මය පිළිසරණ කොට ඇත්තේය, යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. නමුත් වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වාර්තා වන සිදුවීමි දෙස බලන විට කර්මය සහ කර්ම ඵලය පිළිබඳ විශ්වාසයත් ,එය පිළිබඳව තිබෙන්නාවූ හැඟීමත් ටිකෙන් ටික ඈත්කරගෙන ඇතිදෝ කියා සිතෙනවා. එම තත්වය පිළිබදව ධාර්මිකව වටහාගත යුත්තේ කෙසේද?

ලෝකයේ කිසියමි ආකාරයක ක්‍රියාවක් තිබෙනවා නමි,එයට අනිවාර්ය ප්‍රතික්‍රියාවක් තිබෙනවා. මීට අවුරුදු දෙදහස් හයසියයකට පමණ පෙර ඊටත් වඩා වැඩි කාලයකට පෙර ඉන්දියාවේ ගෞතම ග්‍රෝතයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ උපන්න ආසියාවේ විශිෂ්ටතම චින්තකයා වන ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ ලෝකය පිළිබඳව විග්‍රහ කරමින් කර්මය සහ විපාක හෙවත් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව පිළිබඳ නියමය ඉදිරිපත් කළා. එම නියමයට අනුව කුමන හෝ ක්‍රියාවක් කර තිබෙනවා නමි එම නියමයට අනුව ක්‍රියාවට නිසි ප්‍රතික්‍රියාවක් තියෙනවාමයි. එම ප්‍රතික්‍රියාවෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. මෙම කාරණාව සනාථ කරන්නේ කෙසේද? යනුවෙන් පුද්ගලයකු ප්‍රශ්න කළ හැකියි. ක්‍රියාවක් නිමවන්නේ ප්‍රතිඵලයක් සමඟයි. මෙම ක්‍රියාව පසුකාලිනව වෙන ආකෘතියකට හෝ එම අවස්ථාෙවිදීම හෝ අපට ප්‍රතිචාර දක්වයි. ඔබ සීසෝ දැක ඇති . එම සීසෝ එක පැත්තකින් පහළට එන විට එයට ප්‍රතිචාර දක්වමින් අනෙක් පැත්තෙන් එසවෙනවා. එම ප්‍රතිචාර දැක්වීමත් සමඟ ඉතාම පැහැදිළි ලෙස එක පැත්තකින් දක්වන ප්‍රතිචාරය අනෙක් පැත්තෙන් දක්නට ලැබෙනවා. කවුරු හෝ පුද්ගලයකු අතින් බිත්තියකට පහරක් එල්ල කරනු ලැබුව හොත් අත ෙවිදනාවට පත්වෙනවා. පහර එල්ල කිරීමේ ක්‍රියාවට ප්‍රතික්‍රියාව අත ෙවිදනාවට පත් වීමයි. බෝලයකින් බිත්තියකට පහරක් එල්ල කළ විට බිත්තියේ ඝනත්වයේ සහ අපේක්ෂතාවට බෝ්ලයේ තිබෙන ද්‍රව්‍යාත්මක සාපේක්ෂතාවට අනුව එම බෝලය ප්‍රහාරය එල්ල කළ දිශාවට ආපසු පැමිණීම ප්‍රතිචාර දැක්වීම හෙවත් ප්‍රතික්‍රියා දැක්වීම වෙයි. ලෝකයේ ඕනෑම දෙයකට ක්‍රියාවක් තිබෙනවා නමි ප්‍රතික්‍රියාවක් තිබෙනවා. ඒක ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ එම නියමය ආචාර විද්‍යාත්මකව පැහැදිළි කර ඇත්තේ යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිඵලද අයහපත් ක්‍රියාවලට අයහපත් ප්‍රතිඵලද වශයෙන්. සෑම ක්‍රියාවක්ම යහපත් හෝ අයහපත් ක්‍රියා වශයෙන් වර්ගී කරණයට හසු නොවන ක්‍රියාත් තිබෙනවා. යහපත් ක්‍රියාවලට යහපත් ප්‍රතිඵලද අයපත් ක්‍රියාවලට අයහපත් ප්‍රතිඵලද ලැබෙනවා. සාමාන්‍යයෙන් කරුමය කියන ප්‍රකාශය කර්මය නොවෙයි. කරුමේ යන වචනයත් ප්‍රකාශවීමත් සමඟ පහත් අදහසක් ඇතිවෙනවා. කරුමෙට මට මෙහෙම වුණා කියා කියවෙන විට කවදාවත් යහපතක් පිළිබඳව කියවෙන්නේ නැහැ. යමි පුද්ගලයකුට ලොතරැයි දිනුමක් ලැබුණ අවස්ථාවලදී එය තමාගේ පෙර කරුමෙකට ලැබුණ දෙයක් බව ප්‍රකාශ නොකරයි. අයහපත් විපාකයක් සම්බන්ධව කරුමෙ කියන වචනය පාවිචිචි කරයි. කර්මය කියන වචනය තුළ පුණ්‍ය කර්ම සහ පාප කර්ම යහපත් කර්ම සහ අයහපත් කර්ම යනුවෙන් දෙකක් තිබෙනවා.

බුදුපියාණන් වහන්සේගේ ධර්මයට අනුව කර්මය ස්වකීය වෙයි. කර්මය සහ විපාක , කියන ප්‍රකාශයේදීත් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන ප්‍රකාශනයේදීත් ප්‍රතික්‍රියා වශයෙන් අපට ලැබෙන්නේ අපම කළ ක්‍රියාවන්මයි. උදාහරණයක් ලෙස මා උක් යුෂ පානය කළාට දියවැඩියාව රෝගය මට වැළදෙනවා මිස එම රෝගය අසල්වැසියාට වැළදෙන්නේ නැහැ. දියවැඩියාව හැදෙන්නේ එම ක්‍රියාව කළ පුද්ගලයාටයි. මා විසින් කළ දෙය මට ප්‍රතිචාරයක් ලෙස ලැබෙනවා නමි.එය එලෙස සිදුවිය හැකියි කියන කාරණාවට නිදර්ශනයක් වෙයි. ශරීරය විසින් කළ ක්‍රියා ප්‍රතික්‍රියා ලෙසම ශරීරයටම ලැබෙන ආකාරයයි. ශරීරය සමඟම සිත දූෂණය වෙයි. ශරීරය විසින් උක් යුෂ පානය කළ විට ප්‍රතික්‍රියාවක් වශයෙන් ශරීරයට දියවැඩියාව ලැබෙනවා. ඊර්ෂ්‍යාව , ක්‍රෝධය වෛරය මදය මානය අහංකාරකම ශරීරය තුළින් සිදු නොවන සිත තුළින් වන දෙයක්. එම නිසා සිත විසින් කරන අයහපත් ක්‍රියාවලට සිතට ප්‍රතිවිපාක ලැබෙනවා. එම නිසා ශරීරයෙන් කරනු ලබන දූෂිිත ක්‍රියා වෙනම වන අතර සිතෙන් සිතන දූෂිත සිතිවිලි වෙනයි.බොරුකීම සොරකම් කිරීම කාමයෙහි වරදවා හැසිරීම ශරීරයෙන් කරන වැඩක් සුරාපානය කිරීම සත්ව ජීවිත හානි කිරීම ශරීරයෙන් කරන ක්‍රියාවක්. ශරීරයෙන් අයහපත් ක්‍රියා කළ විට ශරීරයටම නැවත එම ප්‍රතිචාරය ලැබෙනවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ශරීරයෙන් කරන දෙයක් නොවෙයි. මෙම කර්මවල විපාක නැති බව කවදාවත් නොසිතිය යුතුයි. ඊළඟ ආත්ම භාවයක් පිළිබඳව නොසිතා කටයුතු කිරීම ඉතාම භයානකයි.

තමා කළ පවි පළ නොදෙන බව සිතන්න එපා . එය හරිම භයානක ආකාරයට පලදෙනවා.ශරීරය මැරුණාට පසු වෙන කිසිම දෙයක් නැහැ කියමින් ඊළඟ ආත්මභාවයක් පිළිබඳව නොසිතා කටයුතු කිරීම ඉතාම භයානක තත්වයක්. කර්ම විපාක ලබන ඇතැමි පිරිස් දැක ගත හැකියි . එක්තරා අනාථ නිවාසයකට ගිය අවස්ථාවකදී බොහොම සංෙවිදී,සානුකම්පිත නේවාසිකයන් පිරිසක් සිටි අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් අවුරුදු පනහක් හැටක් වැනි වයස ඉක්මවූ වැඩිහිටියන් පිරිසක් වුවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මොළය වර්ධනය ඌනතාවයෙන් පෙළෙමින් අවුරුදු පනස් පහ වයස් සීමාව ඉක්මවා ගිය අය වුවද ඔවුන් හැසිරෙන්නේ පෙර පාසල් දරුවන් මෙනි. ඔවුන් දුවගෙන ගොස් ඔන්චිල්ලාව පදීයි. සිංදුවක් ගායනා කරන්න පවසන විට ෙමි ගසේ බොහෝ කියමින් කුඩා දරුවන් මෙන් රංගනයක යෙදෙයි. ආයතනයේ පාලිකාව ඔවුන්ට දරුවනේ යනුවෙන් ආමන්ත්‍රණය කළ විට අවුරුදු පනහක හැටක වයසක වැඩිහිටියන් කුඩා දරුªවන් මෙන් අත්පුඩි ගසමින් පෝළිමට පැමිණෙන විට එම දර්ශනය තුළින්ම අප තුළ මහත් සානුකම්පිත බවක් අතිවෙයි.තමා කළ පවි පළ නොදෙන බව සිතන්න එපා. එය හරිම භයානක ආකාරයට පලදෙනවා. මම උක් යුෂ පානය කිරීමේ ඵලය වෙනත් පුද්ගලයකුට නොලැබී මටම ලැබෙන්නා සේ මම මිරිස් සහ තෙල් වැඩිපුර ආහාරයට ගත හොත් මටම කොලෙස්ටරෝල් හැදෙන්නා සේ එහි විපාක වශයෙන් මාගේ අසල් වැසියාට කොලෙස්ටරෝල් නොහැදෙන්නා සේ එය මටම ලැබෙන්නා සේ ඉතාම පැහැදිළි ලෙස තමා විසින් කරගන්නාවූ දෙය තමාටම ලැබීම කර්මය ස්වකීය වීමයි. අමිමා තාත්තා ඥාතීන් කළ ක්‍රියා අපට නොලැබෙන අතර අපට ලැබෙන්නේම අප විසින් කළ ක්‍රියා පමණක් බව වටහා ගත යුතුයි.ඵලදීමේදී පවි ලෙස පින් ද බලපානු ලබයි. සමහර පුද්ගලයන් ඇස් කන් නාස් නැතිව ඉපදෙනවා. අප එම පිරිස් පිළිබඳව බොහොම සානුකමිපිතයි. ඇතැමි පුද්ගලයන් විකෘතිව ඉපදෙනවා. මිනිස් මවකගෙන් මිනිස් පියකුගෙන් දාව ඉපදුනත් සතකුමෙන් ඉපදෙන දරුවන් සිටිනවා. මෙවැනි ඉතාම සංවේදී දර්ශන අපට දක්නට ලැබෙනවා. එය හෝමෝන ක්‍රියාකාරිත්වය මත හෝ වෙනත් භෞතික හේතුවක් මත සිතා වෙන බවට වෛද්‍යවරුන්ට නිර්දේශ කළ හැකියි. එසේ වීමේ අවස්ථා නැතිවා නොවෙයි. එසේ වෙනස් වීමටත් කර්ම විපාකයක් බලනොපානවාම නොවෙයි. කර්මය කර්මය පිළිසරණ කොට ඇත්තේය. කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් කරනවා නමි, අප එහි දායාදාය බවට පත් වෙයි. ධර්මානුකූලව ජීවත් වුණත් අප බොහෝ පින් කළත් ප්‍රශ්න ගැටළු නිසා බොහෝ දුකසේ ජීවත් වන මිනිසුන් බවට ප්‍රකාශ කළත් සංසන්දනය කර බලන විට අප කෙතරමි පින් ඇතිව ඉපදුන පිරිස්ද කියා සිතෙනවා . අප සැම විටම අපට වඩා වැඩියෙන් තිබෙන පිරිස් සමඟ සසඳමින් ජීවිතය ජීවත් කරවීමට වෑයමි කරයි. එහෙත් සෑබෑ තත්වය අපට වඩා උස පුද්ගලයකු සමඟ සංසන්දනය කළ විට අප මිටි වගේ අපට දැනෙන බව ඇත්ත. අපට වඩා මිටි පුද්ගලකු සමඟ සසඳන විට අප උස වගේ අපට දැනේවි.

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]