UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකයේ විශිෂ්ට මිනිසෙකු විය හැක්කේ කෙසේද?

ලෝකයේ විශිෂ්ට මිනිසෙකු විය හැක්කේ කෙසේද?

දරුවකු පළමු අවුරුදු පහ තුළ දෙමවිපියන් මත යැපෙමින් කටයුතු කරනු ලැබුවත් පසුකාලීනව පාසල් ජීවිතය තුළ තවත් උපකාරක පිරිසක් ලෙස ගුරුවරුන් දරුවන්ට ලංවෙයි. දරුවකු ජීවිතයේ පළමු අවුරුදු පහක කාලයේ ආරම්භ කරන පාසල් අධ්‍යාපන තුළ විධිමත් අධ්‍යාපනයක් ලබනවා. තරුණ දරුවන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට වැදගත් වන්නේ පාසල් අවධියේදී ලබාගත් දැනුමයි. දරුවන් ඇතිකර ගත යුතු සිප්පංච හෙවත් කුසලතා දැනුම හෙවත් බහුශ්‍රැත බව ආකල්ප හෙවත් විනය යන අංශ තුනම සමබරව පවත්වාගෙන ගිය දරුවෙකුට ලෝකයේ විශිෂ්ට මිනිසකු විය හැකියි. මෙම අංශ තුනෙන් එකක් හෝ දෙකක් තිබූ විට සාමාන්‍ය මිනිසකු විය හැකිය. ඇතැමි පුද්ගලයන්ට දැනුමයි හැකියාවයි දෙකම තිබුණත් විනයක් නැහැ. වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ .ඇතැමි පුද්ගලයන් අනෙක් පිරිසට ශීීලාචාර ආකාරයෙන් කතා කරන්න දන්නේ නැහැ. සෙසු මිනිසුන්ට වරදක් කරදරයක් නැතිව ජීවත්වන ආකාරය දන්නේ නැහැ. උගත්කම මිළ මුදල් සෙවීමට තිබෙන සූර හැකියාව සියල්ලම තිබුණත් විනය නැහැ. විශිෂ්ට පුද්ගලයකු වීමට නමි,පාසල් අධ්‍යාපනයෙන් පසුවද උසස් අධ්‍යාපනය හැදෑරිය යුතුයි. යමි කිසි විෂයක පරතෙරට අධ්‍යාපනය ලැබීම වැදගත් කාරණාවක් වුවද, මෙම අංශ තුනෙන්ම ඉගෙන ගත් කාරණා පිළිබඳව අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුයි ඔබ උත්සාහ කළ යුත්තේ තමන්ට විනය ලෙස උගන්වපු කාරණා එලෙසම ආරක්ෂා කළ යුත්තේ ඇයි? කියන කරණාව වටහාගැනීමයි. පාසල තුළ දඩුවමි ලබල ඇති. විනය සම්බන්ධ කවුරුත් එකිනෙකාගේ විනය නීති වලට යටත්වෙලා සිටින්න කැමැති නැහැ. එය තමන්ට කරන කරදරයක් ආකාරයෙන් අපගේ මනසට දැනෙයි. පාරේ මාර්ග සංඥා දමා තිබීම මිනිසුන්ට කරදරයක් ලෙස සිතිය හැකියි. ඇතැමි වංගුවල ඉරි දෙකක් ඇද තිබීම වාහන ඉස්සර කිරීමට බාධාවක් ලෙස ඇතැමුන් සිතයි. කහ ඉරෙන් පාර මාරුවෙන ලෙස ප්‍රකාශ කිරීමත් පාර මාරුවන විට දුරකතනයෙන් කතා නොකළ යුතු බවට ප්‍රකාශ කිරීමත්. කරදරයක් ලෙස සිතන්න පෙළඹී ඇත්තේද, එම නීති පනවා ඇත්තේ ඇයිද? කියා මිනිසුන් නිවැරැදිව වටහාගෙන නොමැති නිසයි. අවබෝධයක් නැති පරිණතභාවයක් නැති මිනිසුන් සැම විටම නීති කැඩීම සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලබයි. පොලිස් නිලධාරීන් පාරේ සිටින අවස්ථාවල අප හෙමින් ගමන් කළත් ඔවුන් නැති ස්ථානවල ෙවිගයෙන් ගමන් කරමින් ඔවුන්ට අප අල්වා ගැනීමට නොහැකි වූ බවට සිතමින් විශාල සතුටක් ලබයි. එය ඉතාම නුගත් සතුටක් බව මතක තබාගත යුතුයි. පොලිස් නිලධාරීන් පාර තුළ සිටින්නේ අපට කරදර කිරීමට බව අපට සිතෙන නිසා ඔවුන් මඟ හැර ගිය විට අපට විශාල සතුටක් ලැබෙයි.අපගේ ජීවිතය තුළ ඉතාම ඉහළට ගමන් කරන අතිසාර්ථක මිනිසුන් වීමට නමි,අප ඉගෙන ගත් දේවල් තේරුම් ගත යුතුයි . මිනිසුන් පුරුද්දට කරනු ලබන ඇතැමි කාරණා වටහා ගැනීමකින් තොරව කරනු ලබයි. මිනිසුන් පුරුද්දට කරනු ලබන දේවල් එකක් වත් වටහා ගනු ලබන්නේ නැහැ.පුරුද්දට පාරේ ගමන් කරන පුරුද්දට වැඩිපුර කතා කරන මිනිසුන් සිටී. පුරුද්දට දත් මදින පිරිසක් ද සිටියි. කිසිම දෙයක් තේරුම් නොගෙන පුුරුද්දට වැඩ කරන මිනිසුන් දියුණු වෙන්නේ කොහොමද? යමි කාරණාවක් යහපත් හෝ අයහපත් බව තේරුම් ගත්තා යනු එය කළ යුතු නොකළ යුතු බවට තේරුම් ගැනීමයි. යමි කිසි දෙයක් යහපත් ආකාරයට තේරුම් ගත්තාය යනු එය කළ යුතු දෙයක් බව වටහා ගැනීමයි. පුරුද්දට විනය නීති රකින්න එපා. දැනුම පාවිච්චි කරමින් පුරුද්දට වැඩ කරන්න එපා. දන්න කාරණා අවබෝධ කරගත් විට අප කියන්නේ මොනවාද? අප කරන්නේ මොනවාද? අප යා යුත්තේ නොයා යුත්තේ කොතැනටද? යනුවෙන් අපට තීරණය කළ හැකියි.

මෙම රට නිවැරැදි කරගැනීමට අප උත්සාහ කරන්න නමි, අප දන්න කාරණා වටහා ගත යුතුයි. ඔබගේ ජීවිතය තුළ පුරුද්දට කරන වැඩ වෙනුවට පුරුද්දට කියන දේවල් වෙනුවට අවබෝධ කරගත් විට බොහෝ ක්‍රියා තුළින් ඉවත් විය හැකියි. අප බොහෝ අවස්ථාවල වචන අධි පරිභොජනය කිරීමට පෙළඹී ඇති අතර එය අසාගෙන සිටින පුද්ගලයාට හෝ ප්‍රකාශ කරන පුද්ගලයාට ඵලයක් ඇති කරනු ලබන ඒවා නොවෙයි. දුරකතනවල බොහෝ බිල් ගෙවනු ලබන්නේ වචන අධි පරිභීජනය නිසයි. දුරකතනයේ අර්ථය නිවැරැදිව වටහා නොගැනීම නිසා ඒ පිරිස කාලය හා මුදල් නාස්ති කරනවා.අප කරනු ලබන දේවල් නිවැරැදිව තේරුම් ගෙන නිවැරැදි දේවල් පමණක් කරනවා නමි,තරුණ දරුවන්ගේ මවිපියන්ට බිය තැති ගැනීම පැමිණෙන්නේ නැහැ.

අප වඩා නිවැරැදි දේ ප්‍රකාශ කරනවා නමි, නිවැරැදි දේ කරනවා නමි,කලර් ලයිටි තිබෙන්නේ පාර තුළ ප්‍රශ්න විසඳන්න වුවත්,එම කලර් ලයිටි ළඟ පොලිස් නිලධාරීන් නැතිව බැරි තත්වයට පත්වෙලා තිබෙනවා. මාර්ග නීති දන්නවා වුවත් මිනිසුන් එය පිළිගන්නේ නැහැ. ඇමෙරිකාව වැනි රටවල කාන්තාවක් දෙස වැරැදි ආකාරයට බැලුවත් ඇයට නඩු පැවරිය හැකියි.

තරුණ දරුවන් නිවැරැදිව ජීවත් වෙනවා, නමි දෙමවිපියන් තුළ අසහනයක් ඇතිවන්නේ නැහැ. තමාට නොගැලැපෙන කාරණාවලට පෙළඹීම නිසා දරුවන් පසුපස පොලිසියක් යන ආකාරයට අනුව දෙමවිපියන්ද නිතරම දරුවන් පිළිබඳව විමසිලිමත් වීමට පටන් ගනී. එය දරුවන් තුළද දෙමවිපියන් තුළද විශාල අසහනයක් ඇති වීමට හේතුවක් වෙයි. තරුණ දරුවන් තමාගේ පාසල් අවධියේ ලබාගත් දැනුම කුසලතා හා විනය අනුකූලව අවබෝධයෙන් යුක්තව හැසිරෙනවා නමි, ඔවුන්ගේ නිදහස දෙමවිපියන් විසින් සීමා නොකරන බව දරුවන් අවබෝධ කරගත යුතු කාරණාවක්. තරුණ දූ පුතුන් නීති රීති පිළිබඳව තේරුම් ගන්නවා කියන්නේම , පාසල් දරුවන් ලෙස ඉගෙනගනු ලැබූ වා වූ දේවල් නිවැරැදිව තේරුම් ගැනීම තුළ දරුවන්ගේ අනාගතය අනාරක්ෂිත වන්නේ නැහැ.තරුණ කාලය තුළ නීතිරීති මත ක්‍රියා කරනු ලැබුවත් එම කාලය තුළ ඔබගේ සංසාරික ගමන අනාරක්ෂිත වන්නේ නැහැ. අකුසල ක්‍රියා කරන්න එපා කියන බොහෝ කාරණා නීතිරීති තුළ අඩංගු වෙලා තිබෙනවා.සතුන් මැරීමෙන් පවි සිදුවන බවත් සතුන් මැරීමට කිසිවෙකුටත් නීතියෙන් අයිතියක් නැතිවාසේම සොරකමි කිරීමෙන් පවි සිදුවන අතර සොරකමි කිරීමටද කිසිවෙකුට නීතියෙන් අයිතියක් නැත.කාමමිථ්‍යචාරයේ යෙදීම පවි සිදුවන අකුසල ක්‍රියාවක් බව බුදුදහම තුළ පැහැදිළි කරන කාරණාවක් වගේම නීතිය තුළ එය දික්කසාදය ලැබිය හැකි වරදක් ලෙස පිළිගනී. අමෙරිකාව වැනි රටවල කාන්තාවක් දෙස අනවශ්‍ය ආකාරයට බැලුවත් වන්දි ඉල්ලමින් නඩු දැමිමේ හැකියාවක් ඇයට තිබෙනවා. කිසිම මිනිසෙක් කුඩා දරුවකු දෙස වැරැදි ආකාරයට බලන්නේ නැහැ. කිසිම ගැහැනියක් තරුණ පොඩි දරුවන් දෙස වැරැදි ආකාරයට බලන්නේ නැහැ. එය වැරැදි බව නීතියට අනුව වැරැදි බව ඔවුන් පිළිගන්නවා.අවුරුදු දහඅටට අඩු දරුවකු සමඟ යමිකිසි ආකාරයක මානසික සමිබන්ධයක් පවත්වාගෙන යාම තහනමි ක්‍රියාවක්. එය විශාල අපරාධයක් ලෙස සලකනු ලබයි. ලංකාව එතරමි බරපතළ නීති දමා නැහැ. බරපතළ නීති නොදමා ධර්මය තුළින් හෝ මිනිසුන්ට මෙය වටහා දීමට උත්සාහ කරනු ලබනවා. නීති දමා දඬුවමි ලබාදී මිනිසුන් එම කාරණාවලින් වැළැක්වුව ද එය සමිපුර්ණ නැවතීමක් නොවෙයි. දඬුවම ලැබුණ විට එයින් නිර්දෝෂි බව සිතන්නට පෙළඹෙනවා. දඬුවමි දීම යනු මිනිසකුට නිවැරැදි වීමට තිබෙන අවස්ථාව නැති කිරීමක්.

- හේමමාලා රන්දුනු

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]