Print this Article


නැණයට මෙන්ම ගුණයටද ලකුණු ලබා දිය යුතුයි

නැණයට මෙන්ම ගුණයටද ලකුණු ලබා දිය යුතුයි

මෙම ලිපියෙහි තවත් කොටසක් ඇසළ පුර අටවක පෝදා (ජුලි 11) පත්‍රයේ පළ විය.

සෞඛ්‍ය විද්‍යාත්මක වද්‍ය විද්‍යාත්මකව ස්වස්ථතාවයට අනුව ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. තමන්ගේ ශරීරය පිරිසුදුව තබාගැනීම පිළිබඳව , දැනුමක් ලබාගැනීම සඳහා ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ආහාර ජීරණ පද්ධතිය අඳිනවිට ලකුණක් දීමට අප ළඟ ක්‍රමවේදයක් තිබෙනවා වුණාට ජරාව නොකාසිටීම පිළිබඳව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අප ළඟ නැහැ. ශරීර සෞඛ්‍යයට අහිතකර දේවල් කෙතරමි දුරට පාවිචිචි කරනවාද? යන්න එය සඳහා ලකුණු අඩුකිරීමට ක්‍රමවේදයක් අප ළඟ නැහැ. මල් ප්‍රමාණයක් කඩා එයින් මල් ප්‍රමාණයක් අඩුකොට ගණනය කිරීමේ ගණිත ක්‍රමයක් තිබෙන අතර මල් ප්‍රමාණයක් කඩා මල් වටිටියක් සාදන විට ඒ සඳහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අප ළඟ නැහැ. එසේ බලාගෙන යනවිට හැඟීමි කිසිඳු ඇගයීමකට ලක් නොකරන දැනීමි අගය කරන තැනක අප අධ්‍යාපනය ලබයි. දියුණු රටවල පළමුවෙනියා, දෙවෙනියා, තෙවෙනියා තෝරන්නේම නැහැ. දරුවන් හතළිහක් සිටින පංතියක පළමුවැනියා දෙවෙනියා තෙවෙනියා තෝරා දරුවන් තිස්හත් දෙනෙක් අසමත් කරවන වැඩ පිළිවෙලක් හෝ එවැනි අධ්‍යාපන ක්‍රමයක් එම රටවල නැහැ. එය අතිශය දියුණුවෙමින් පවතින්නාවු රටවල තිබෙන්නාවු ෙ නාගැලපෙන ක්‍රමවේදයක්. දරුවන් තිස්හත් දෙනෙක් අසමත් කිරීමේ ප්‍රීතිය භුක්ති විඳීම උදෙසා පළමු වැනියා දෙවැනියා තෙවැනියා තෝරනු ලබයි. තමා අසමත් විය යන හීනමානයෙන් පෙළෙමින් සිටිනා අසමත් පිරිසක් ඉතිරි වෙයි. සමතුන් තුන් දෙනකු ගේ ප්‍රීති ප්‍රමෝදය වනාහි තිස්හත් දෙනකුගේ අවපාත මානසිකත්වයක් ඇති කිරීමයි. එය දියුණු රාජ්‍යයක ලක්ෂණයක් හෝ දියුණු අධ්‍යාපන රටාවක ලක්ෂණයක් නොවේ. විභාග කේන්ද්‍ර කරගත් දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් ලෝකය තුළ ප්‍රසංශනීය අධ්‍යාපන ක්‍රමයක් නොවේ.

ඉතාම දියුණු රටවල ළඳරු පාසල්වල දරුවන් කිසිම දවසක අකුරු ඉගෙන ගනු ලබන්නේ නැහැ. ළදරු පාසල යනු අකුරු ඉගැන්වීම තහනම් වන අතර අකුරු ඉගෙනීම ද තහනම් වෙයි. වයස අවුරුදු තුනක හතරක දරුවන් සඳහා දත්ත දරාගැනීමේ හැකියාව නොමැති අතර ශික්ෂණය දරාගැනීමේ හැකියාව පමණක් පවතියි. teaching යනු වෙන් ඉංග්‍රීසියෙන් කියනු ලබන්නේ ඉගැන්වීමට පමණක් නොවෙයි.  teaching  යනු ඉගැන්වීම පමණක් නම්, teaching hospitalයනු ඉගැන්වෙන රෝහල ලෙස සදහන් විය යුතුයි. නමුත් teaching hospital යනු ශික්ෂණ රෝහල වෙයි. teaching යනු ඉගැන්වීම පමණක් නොවන අතර ශික්ෂණය කිරීමද එයට අයත් වෙයි.

ගුරු යනු එක් පුද්ගලයකු වන අතර ආචාර්ය යනු තවත් පුද්ගලයකු බව අප අවබෝධ කොටගත යුතුයි.ඇදුරු යනු ගුරු නොවෙන අතර ගුරු යනු තවත් අයෙක් වෙයි. ඇදුරු උගන්වනු ලබන අතර ගුරු ශික්ෂණය කරනු ලබයි. දිසාපාමොක් ඇදුරුතුමා මිස ගුරුතුමා නොවෙයි. ගුත්තිල ඇදුරුතුමා මිස ගුරුතුමා නොවෙයි. ගුත්තිල ඇදුරු වන අතර ගුරු නොවේ. ඇදුරු යනු ආචාර්යවරයායි. අචාර්ය යනු බොහෝ කාරණා නොදන්නවාවුවත් එක දෙයක් පිළිබඳව යමි ප්‍රමාණයක් දන්නා ප්‍රද්ගලයායි. ගුරු යනු එසේ නොවේ. දත්ත ලබාදෙන්නාවූ පුද්ගලයා ආචාර්යවරයායි. පාසලක් තුළින් අප බලාපොරොත්තු වනු ලබන්නේ ආචාර්යවරු පමණක් නොවෙය.ි ගුරු යන වචනයෙන් ගෞරව යන වචනය සෑදෙන අතර ආචාර්ය යන වචනයෙන් ගෞරව සෑදෙන්නේ නැහැ.

ගෞරවනීය වන්නේ ගුරු මිස ආචාර්ය නොවෙයි. ආචාර්යට දැනුම අලෙවි කළ හැකියි. ගුරුට දැනුම අලෙවි කළ නොහැකියි. ගුරු ලබාදෙන්නේ ශික්ෂණයයි. එම ශික්ෂණය ලබන පුද්ගලයා ශික්ෂකයායි බුදුපියාණන් වහන්සේගේ අධ්‍යාපන දැක්මයි අප ළඟ තිබෙන්නාවූ අධ්‍යාපන නොදැක්මයි අතර වෙනස එයයි. පුත්තා වත්තු මනුස්සානං යනුවෙන් බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව දේශනා කරනු ලැබූයේ මිනිසුන්ගේ වස්තුව දරුවන් විය යුතු බවටයි. චුල්ල පන්ථක හාමුදුරුවන්ට පාඩම් සිටින්නේ නැහැ. පාඩම් සිටින්නේම නැති දරුවන් රහත් වුණා. සෝපාක දරුවාට සාක්ෂරථාවතය නැති අනාත දරුවකු වුවද අවසානයේ රහත් වුණා. සියල්ලෙන්ම ආඩ්‍යව සිටි පුංචි රාහුල කුමරාත් රහත්ව වුණා. ඔවුන් ස්ථාවර තුනක සිටියත් සියලු දෙනාම විභාගය සමත් වුණා. එක් අයෙක් රාජ කුමරකු , තවත් අයෙක් අනාථ දරුවෙක් , අනෙක්කෙනා අකුරු බැරි පොඩි හාමුදුරු නමක් වුණා. සාක්ෂරතාවය සහිත සහ සාක්ෂරතාවය රහිත දරුවන් ශිෂ්‍යත්වය සමත් වූ ආකාරයයි. රාහුල පුංචි කුුමාරයාට තිබුණ විභව ශක්තිය නොවෙයි චුල්ල පන්ථකට තිබුණ විභව ශක්තිය . චුල්ල පන්ථකට තිබුණ විභව ශක්තිය නොවෙයි සෝපාකට තිබුණ විභව ශක්තිය යම්කිසි පුද්ගලයකු සතුව නිදන්ගතව තිබෙන්නාවූ ශක්තිය හඳුනාගැනීම විභව ශක්තිය හඳුනාගැනීමක් ලෙස හඳුන්වයි. අම්මා තාත්තා සහ ගුරුවරයා දරුවාගේ එම විභව ශක්තිය හඳුනා ගැනීඹ ප්‍රධාන වශයෙන් කළ යුතුයි. දරුවාට ච්ත්‍ර ඇඳීම, ගී ගැයීම, වාදනය කිරීම, නර්තන කිරීම හැකියාව ඇති අතර රසායන විද්‍යාව පිළිබඳ දක්ෂතාවයද, භෞතික විද්‍යාව පිළිබඳ දක්ෂතාවයද. ශරීර විද්‍යාව පිළිබඳ දක්ෂතාවයද ආහාර විද්‍යාව සාක්ෂරතාවයද ගොවිතැන් කටයුතු පිළිබඳ තියුණු මනසක් ඇති බවද ඒ ඒ දරුවන් පිළිබඳ තිබෙන්නාවූ තාක්ෂණික ඤාණය ශක්‍යතාවය නිවැරැදිව හඳුනාගත හැකි වන්නේ වයස අවුරුදු දොළහ, දහතුන, දහහතර වන විටයි. එම හැංගිලා තිබෙන්නාවූ ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වන විට එම දරුවා එක පැත්තකින් සාර්ථක දරුවකු වෙයි. සැම ළමයෙක්මසාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධිය ලබාගෙන සාර්ථක විය යුතුමයි යනුවෙන් නියමයක් නැහැ. ශ්‍රී පාද කන්ද නඟින්න යාම සඳහා නල්ල තන්නි පාර සේම රත්නපුර පාරෙනුත් යා හැකියි. දරුවකු සාර්ථකත්වතයට රැගෙන ඒම සදහා ඕනෑම මාවතකින් ගමන් කළ හැකියි. නැටුමට සංගීතයට වැඩිම කැමැත්තක් තිබෙන දරුවාට රසායන විද්‍යාව බලහත් කාරයෙන් පෙවීමට උත්සාහ කළහොත් රසායන විද්‍යාවත් බැරි වෙලා සංගීතයත් බැරිවිය හැකියි. කුඩා කල සිටම නීති තර්ක කිරීමට හැකියාව ඇති දරුවකුට නීති තර්ක පැත්තට යොමුකළ විට නීති අංශයෙන් ඉදිරියට ගමන් කරයි. සංගීතය තිබුණ පළියට ඔහු හෝ ඇය සංගීතය හැදෑරූ පමණින් සංගීතය බැරිවිය හැකියි. එම විභව ශක්තිය මැනවින් හඳුනාගත් ගුරුවරයකුට ගුරුවරියකට ආදරණිය මවකට පියෙකුට එය පෙනිය යුතුය

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඇසළ අමාවක (අගෝස්තු 02) පත්‍රයේ පළ වේ.