Print this Article


පැල්මඩුල්ලේ ධම්මික හිමියෝ නායක පදවි ලබති

රත්නපුර වැලිමළුව ශ්‍රී ඤාණාරාමය මාදම්පේ උඩහව්පේ නාවලවත්ත ශ්‍රී මෛත්‍රී බෝධි විහාරය යන උභය විහාරාධිපති පැල්මඩුල්ල මීගහගොඩ පුරාණ විහාරස්ථ ශී‍්‍ර රතනපාල පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පැල්මඩුල්ලේ ධම්මික හිමියන්ගෙන් සිදුවන සේවාවන්ට උපහාරයක් වශයෙන් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් විනය කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ධම්මපාල’ යන ගෞරව නාම සම්මුතිය සහිතව සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ජාතික, ආගමික හා ආධ්‍යාපනික විවිධ සමිති සමාගම්වල නිලතල දරන පැල්මඩුල්ලේ ධම්මික හිමියන් ගිහි, පැවිදි සෑම දෙනාගේම ගෞරවයට ලක්වූ දක්ෂ භික්ෂූන් වහන්සේ නමකි.