Print this Article


මිද්දෙණිය ග්‍රාමීය රෝහලට පහසුකම් සලසාදෙමින් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් කළ සේවය අනූපමේයයි - පරවාහැර චන්දරතන නා හිමි

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට පහසුකම් සලසාදෙමින්
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් කළ සේවය අනූපමේයයි - පරවාහැර චන්දරතන නා හිමි

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැය කර මිද්දෙණිය රෝහලේ වාට්ටු සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි ඇතුළු සඟරුවන මෙහි වෙති.

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට රුපියල් තුන්කෝටියක් පමණ වැය කර අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකරදීමෙන් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් කළ මෙහෙවර ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්නක් බව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ පැවසූහ.

පරවාහැර චන්දරතන නාහිමියන් එසේ පැවසුවේ මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් ඉදිකරවා එය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සව සභාවේදීය.