Print this Article


කොත්මලේ මහවැලි මහා සෑය වන්දනාවට විවෘත වේ

කොත්මලේ මහවැලි මහා සෑය වන්දනාවට විවෘත වේ
 

කොත්මලේ මහවැලි මහා සෑය

කොත්මලේ මහවැලි මහා සෑය සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (20) සිදු විය.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹූරේ විමලධම්ම අනුනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහාපණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, තීනියාවල පාලිත හිමි ඇතුළු මහ සඟ රුවන සහ කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නවීන් දිසානායක මහතාට සමරු තිළිණයක් පිරිනැමු අවස්ථාව

ශ්‍රීමා දිසානායක මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත සංදේශය පිරිනමමින්