UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්දම් පෙරහරෙන් ඇරඹි රුහුණු පොසොන් මහා පෙරහර

පන්දම් පෙරහරෙන් ඇරඹි රුහුණු පොසොන් මහා පෙරහර

ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරස්ථානයේ පොසොන් උත්සවය පොසොන් පෝදා පැවැත්වේ. තිස්සමහාරාම රාජ මහා විහාරස්ථානයේ ඉදිකරන ලද චෛත්‍යයේ කොත් පැළඳවීම නිමිති කරගෙන පවත්වන ලද ‘පන්දම් පෙරහර’ රුහුණු පොසොන් පෙරහර නමින් වාර්ෂිකව අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

2016 වර්ෂයේ පොසොන් මහා පෙරහර ජූනි මස 17, 18, 19 යන දිනයන් හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තිස්සමහාරාම සඳගිරිය උභය රාජ මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සම්පාදනය කර ඇත. පොසොන් උත්සවය නිමිත්තෙන් බෝධිපූජා අටවිසි බුද්ධ පූජාවන්ද සති පිරිත් දේශනාවන්ද පවත්වන ලදී.

තිස්සමහාරාම චෛත්‍යය හා පුදබිම ෂඩ්වර්ණ විදුලි බුබුළු වලින් ආලෝකමත් කර පොසොන් උත්සවය නිමිත්තෙන් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් පොසොන් මහා බත් දන්සැල් තිස්සමහාරාම පුදබිමේ යෝධකණ්ඩිය උද්ධ ගන්දර රාජ මහා විහාරය හා සිතුල්පව්ව පුදබිම්වල පැවැත්වේ.

තිස්සමහාරාම චෛත්‍යය

රුහුණේ ඇති පැරණිම වූත් විශාලම චෛත්‍යය තිස්සමහාරාම චෛත්‍යයයි. මෙම ස්ථූපය ඉදිකරන ලද්දේ බුදුරජාණන් වහන්සේ තෙවනවර ලංකාවට වැඩම කළ අවස්ථාවේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ සමවත් සුවයෙන් වැඩසිටින ස්ථානය සිහිකිරීම සඳහා බව වංශ කතාවල සඳහන් වෙයි. තිස්සමහාරාම කිරින්ද විහාරස්ථානය අසළ හමුවූ සෙල් ලිපියක මෙම චෛත්‍ය ඉදිකරන ලද්දේ මාගම රාජධානියේ කාවන්තිස්ස රජු විසින් ( ක්‍රි.පූ. 186 – 191) බවත් එම චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද බව සඳහන් වේ.

රන්කොත් පළඳවා කෙත්වතු පූජාකර අතපැන් වත්කර මහා සංඝරත්නයට පූජා කිරීමේ දී දෙවියන් මල් වැසි වස්සවා සාධුකාර දුන් බවද වංශ කතාවල සඳහන් වෙයි.

කොහොඹ ගස

චෛත්‍යයට ඇතුල්වෙන ප්‍රධාන දොරටුව අසළ වම් පසින් විශාල කොහොඹ ගසක් ඇත. එම ගසේ චෛත්‍යය දෙසට ඇති කොහොඹ කොළ තිත්ත රස නැතිවීමද දෙවියන්ගේ අනුහසින් සිදුවූවක් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. වල් බිහි වී තිබූ මෙම විහාරස්ථානයේ ප්‍රතිසංකරණ කටයුතු එක් එක් කාලවලදී වරින් වර සිදු කරන ලදී. මේ කාලය අතරතුර තිස්සමහාරාම මහා විහාරස්ථානයට වන්දනා කටයුතු කිරීම සඳහා පැමිණි වේපතඉර සුමන නම් සාමණේර නමක් තිස්සමහා වෙහෙර කාර්ය සාධක සමිතිය පිහිටුවා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර 1889 වර්ෂයේ දී වැඩ අවසන් කරන ලදී. අඩි 186 ක උසකින් හා අඩි 550 ක විශ්කම්භයකින් යුතු ස්ථූපයේ 1900 වර්ෂයේ දී කොත් පැළඳවීම උත්සවය සිදුකරන ලදී. මෙම උත්සවය පොසොන් පෝදා සිදු කර පන්දම් පෙරහරක් ද පවත්වන ලදී. එතැන් සිට සෑම වර්ෂයකම පොසොන් පෝදා කොත් පැළඳවීම සිහිපත් කරවීම සඳහා පන්දම් පෙරහර පවත්වන ලදී. එම පෙරහර රුහුණු පොසොන් මහා පෙරහර නමින් නර්ථන කණ්ඩායම් අලි ඇතුන්ගෙන්ද යුතුව සධාතුක කරඬුව පෙරටු කරගෙන දින 03 ක් පෙරහර පැවැත්වේ. පෙරහර පවත්වා ජූනි මස 20 දින කිරිඳි ඔයේ දිය කැපීමත්, එදා රාත්‍රී පුණ්‍යානුමෝදනා බෝධි පූජාවද පැවැත්වේ.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]