UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහමයි නිරෝගිකමයි

බුදුදහමයි නිරෝගිකමයි

ශරීරයෙහි කොඳු ඇට පේළිය ආශි‍්‍රත වූ විශේෂිත ස්ථානයකි සුෂුම්නාව. ඒ පිළිබඳ සවිස්තරව සඳහන් කළ හැකිය. කොඳු ඇට පේළියෙහි ඉතා ආරක්ෂිතව සුෂුම්නාව පිහිටා තිබේ. ශරීරයේ බොහෝ අවයව සඳහා සුෂුම්නාව සම්බන්ධව පවතී. හදවත, පෙනහළු, අක්මාව, මොළය ආදිය සුෂුම්නාව සමග විශේෂ සබඳතාවයක් පවතී. බර ඉසිලීමක් හෝ වැටීම් ආදී අනතුරුදායක අවස්ථාවකට භාජනය වුවහොත් බාහිර රෝග හටගැනීමටද ඉඩ තිබේ. සුෂුම්නාව එතරම් විශේෂිත ස්ථානයක් බව එමගින් පැහැදිලි වනු ඇත. කෙතරම් ආරක්ෂාකාරී වුවද සුෂුම්නාවට බාධා පැමිණීමට ඉඩකඩ තිබේ. එබඳු අවස්ථාවක ශරීරයේ අනෙකුත් අභ්‍යන්තර ග්‍රන්ථිවලට යම් බලපෑම් ඇති කළ හැකි අවස්ථා පවතී.

ශරීරයේ කොඳු ඇට පෙළ ආශි‍්‍රත රෝග සඳහා ප්‍රතිකාර කරන විට ඊට සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතී. ඔස්ටියෝපති හිලිම්පති වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධ හෝ ශල්‍යකර්ම භාවිතාවකින් තොරව එසේ ප්‍රතිකාර කරනු ලැබේ. එමගින් ශාරීරික මානසික සහ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික වශයෙන් ප්‍රතිකාර ලබාගත හැකිවේ.

බුදුදහමෙහි අන්තර්ගත දහම් උපදේශ ඒ සඳහා භාවිතා කරමින් වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර කරනු ලැබේ. මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් ලොව බොහෝ රටවල ප්‍රචලිතව පවතී. මානසික ආතතිය බලපෑමෙන් අධිරුධිර පීඩනය ඇතිවේ. එබඳු රෝගාදියට පවා සමථ විදර්ශනා භාවනාදිය මෙන් ස්වයංනියෝජනා ලෙස යුරෝපයේ බොහෝ රටවල දියත් වී තිබේ. ඇතැම් රෝගී තත්ත්වයන්හිදී ස්වයං නියෝජනාවක් අප විසින් මනසට ඇතුළත් කර ගැනීමෙන් බුද්ධ දේශනාවට අනුව කර්මය සිදු වන්නා සේ යහපත් චේතනා මඟින් ශරීරයේ අභ්‍යන්තරයට යහපත් කර්ම රැස්කර ගැනීමේ ක්‍රම පවතී. ඒ පිළිබඳ ඒ ඒ රෝගීන්ට අදාළව කටයුතු කළ හැකිවේ. එහිදී උඩු සිත සහ යටි සිත පිළිබඳ කල්පනා කිරීමේදී යටි සිත අවදිකර ගැනීමේ අවස්ථා සලසා ගත හැකිවේ.

විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්ව ගිය විට ශරීරයෙන් පළක් නොවන බව ප්‍රකට කරුණකි. මියයාම යනුවෙන් හඳුන්වනුයේ එබඳු අවස්ථාවකි. එහෙත් ශරීරය තුළ විඤ්ඤාණය පවතින විට ඇස් ආදී ඇතැම් අවයව වෛද්‍ය විද්‍යානුකූලව බද්ධකළ හැකිව පවතී. ශරීරය තුළ පවතින විඤ්ඤාණය ඇතැම්විට නිදා සිටින යෝධයකු වැනිය. අපේ ශරීරය ගොඩනඟා තිබෙන්නේ විඤ්ඤාණය ලෙස කල්පනා කළ හැකිවේ. කර්ම රැස් කරනුයේ විඤ්ඤාණය මගිනි. රෝගයනට ප්‍රතිකාර කරන ස්වයංනියෝජනා ක්‍රම මඟින් යහපත් චේතනා විඤ්ඤාණයට ඇතුළත් කර ගැනීමේ ක්‍රම පවතී.

සසර කර්ම රැස් කිරීමේ දී යහපත් හෝ අයහපත් ජීවිත සකස් කිරීමට විඤ්ඤාණය ඉවහල් වන බව අපි විශ්වාස කරමු. විඤ්ඤාණය වරෙක විද්‍යාඥයෙකි. තවත් වරෙක වෛද්‍යවරයෙක් වැනිය.

යටිසිත සැහැල්ලු කර ස්වයං නියෝජන මඟින් යහපත් චේතනාවක් ලෙස ඇතුළත් කිරීමෙන් එය කර්මයක් බවට පත්ව එහි විපාකය ලෙස සුවය ලබාදෙනු ලැබේ. බුදුදහම තුළ රෝග සුවයට පැහැදිලි ක්‍රම පවතී. බෞද්ධයන් ලෙස එබඳු දේ කළ හැකි නම් බොහෝ රෝග සුව කර ගැනීමේ ශක්තියක් පවතී. සිදුහත් බෝධි සත්වයන් වහන්සේ ආනාපානසති භාවනාව වැඩීමෙන් බුද්ධත්වයට පත් වූ අයුරු බෞද්ධයා වෙත පැහැදිලි කර දිය යුතු නොවේ.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]