Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය

ශ්‍යාමෝපාලි වංශක මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2016 ජූනි මස 15, 16, 17, 18 යන දිනයන් හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2016 ජූනි මස 04 සහ 05 දිනවල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම්පත් සම්පූර්ණකර 2016 මැයි මස 10 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමු. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් පාර්ශ්ව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී උපසම්පදාව සඳහා යොමුකරනු ලැබේ. නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය යන ලිපිනයෙන් ලබාගත හැකි බවද කියයි.